Chapter 83

1K 275 248
                                    

Comment goal 100

සුදු බ්ලැන්කට් තුලට ගුලි වෙලා ඇස් පියන් ඉන්න ටේහියුන්ග් හෙමි හෙමින් ඇස් ඇරියා.ටේහියුන්ගෙ කාමරය තුලට පුංචිම ආලෝකයවත් ගලන් එන්නෙ නැහැ. ඔහු විසින්ම ඔහු වෙත ගලන් එන ආලෝකය අදුරෙන් ආවරණය කරගෙන.කලක් ස්වභහදහම් මාතාවගෙ ආලෝකයෙ පුංචි දේවදූතයා වුන පුංචි දගයා අද වෙද්දි සම්පූර්ණයෙන්ම අදුරට පෙම් බදින ඒස්‍රා බවට පත් වෙලා.

අදත් ටේහියුන්ගෙ ජීවිතයෙ සාමාන්‍ය දවසක්. දිනෙන් දින ටේහියුන්ගෙ කුස තුල වැඩෙන පුංචි පැටියා මේ ලෝකයෙ එලිය දකින්න ඉතුරු වෙලා තියෙන්න තව පුංචිම කාලයක් විතරයි.පිරුනු කුස වෙතට අත රැගෙන ආව ටේහියුන්ග් පරිස්සමට ඔහුගෙ කුස පිරිමැද්දා. ටේහියුන්ග් ඔහුගෙ කුස පිරිමදිද්දි පුංචි පැටියා කුස තුල හෙමි හෙමින් චලනය වෙන්න ගත්තෙ ටේහියුන්ග් ගෙ තොල් අග පුංචි හිනාවක් මවමින්.

පුංචියට හිනාවෙමින් පැටියා දිහා බලන් හිටිය ටේහියුන්ග් ගෙ අවදානය පැටියා වෙතින් වෙනත් අතකට යොමුවුනේ හුරුපුරුදු තටු ගසන හඩ ඇහෙද්දි.දීප්තිමත් පුංචි  නිල් සමනලයා අදත් ටේහියුන්ග්ව හොයන් ඇවිල්ලා. අදුර මැදින් ටේහියුන්ග් වෙත පියබන් එන පුංචි නිල් ආලෝකය ඒත් අද වෙනදා වගේ ටේහියුන්ග් ලගටම පියබන් ආවෙ නැහැ. පුංචි නිල් සමනලයා තමන් වෙත පියබන් නොඑන නිසා බ්ලැන්කට් එක ඉවත් කරමින් ටේහියුන්ග් තනිවම ඇදෙන් බිමට බැස්සා. නිල් සමනලයා වෙත අත දිගු කරමින් ඔහු පලවෙනිම අඩිය ඉස්සරහට තිබ්බා නමුත් ඒ මොහොතෙම නිල් සමනලයා ටේහියුන්ගෙන් තවත් පුංචි දුරක් ඈතට පියෑබුවා.

පුංචි නිල් සමනලයා ටේහියුන්ගෙන් ඈතට පියාබන්න පියාබන්න ටේහියුන්ග් ඔහු වෙත ඇවිදන් ගියා. නිල් සමනලයා තමන් වෙත එන් නැතුව තමන්ගෙන් ඈතට පියාබද්දි ටේහියුන්ග් ගෙ හදවත ඒ දුරස් වීමට ගොඩක් බය වුනා. දරුවත් එක්ක දවසින් දවස බෝල වුන ටේහියුන්ග් දැන් ඇවිදින්නෙ බොහොම හෙමින්.අදුර මැදින් සමනලයා පසුපසින්ම ඇවිදන් යන ටේහියුන්ග් නොදැනීම ඔහුගෙ කාමරයෙන් එලියට ඇවිදන් ගියා. ටේහියුන්ග් ඔහුගෙ කාමරයෙන් එලියට එනවාත් එක්කම හිරු ආලෝකය ඔහු වෙත ගලන් ආවෙ ඔහු වෙනුවෙන් ඔවුන් මග බලන් හිටියාක් මෙන්..

Stolen Love Where stories live. Discover now