Chapter 32

1.3K 343 190
                                    

Comment goal 100

පියෝනි සුවද හමන පුංචි උනුසුම් කාමරය තුල හිටගෙන ඉන්න ඔහු අදත් රාජකාරියට යන්න සූදානම් වෙනවා..

උනුසුම් පුලුන්  පොරවන වලින් ලස්සනට සකසලා තියන ඇද කෙලවරෙ  තියන ලී මේසයේ මේස ලාච්චුව ඇරිය ජැක්සන් ලාච්චුව තුල තියන තුවක්කුව අතට ගෙන ඉන වටේ තියන තුවක්කු රදවනයෙන් රදවගත්තා.

රැක් එකේ එල්ලලා තියන රාජකාරි තොප්පිය අතට ගත්ත ජැක්සන් දොරට පිටුපාලා හිටගෙන හිටියත් හදිසියෙම ඔහුගෙ තොල අග ඇදුනේ හිනාවක්.


හිසට දාන්න ගත්ත තොප්පිය ආයෙමත් අතට ගත්ත ජැක්සන් එහෙන්ම දොර දිහාවට හැරුනේ ඇය දිහා බලන් ආදරනීයව හිනාවෙමින්.


"ඔම්මා.."



උනුසුම් කෝපි කෝප්පයක් අතේ තියාගෙන ඉන්න කිම් ලීනා ජැක්සන් ගෙ කාමරෙ දොර ලගටම රෝද පුටුව අරන් ඇවිල්ලා..
ජැක්සන් දිහා ආදරනීයව බලන් ඉන්න ලීනා ලගට ඇවිදන් ආව ජැක්සන් ඇගේ උස මට්ටමට ගැලපෙන උසකට දන තියල පොලවෙන් ඉදගත්තා..

"ඇයි ඔම්මා මම එනකන් හිටියෙ නැත්තෙ"

ලීනා දිහා බලන් ජැක්සන් අහද්දි ලීනා කලේ ඔහු දිහා බලන් හිනාවෙන එක.. එක අතක් ඉස්සරහට දික් කරපු ලීනා ජැක්සන්ගෙ කම්මුල ස්පර්ශ කලා.

"අප්පා වගේමයි..පුංචිම වෙනසක්වත් නැහැ."

ජැක්සන්ගෙ කම්මුල් අතගාමින් ලීනා කියද්දි ආදරය මහ ගොඩක් පිරුනු ඇස් වලින් ජැක්සන් බලන් හිටියා..



ජැක්සන්ගෙ කම්මුලට එක අතක් තියාගෙන  ඉන්න ලීනා ඇගේ අනෙක් අතේ තියන කෝෆි කෝප්පය ජැක්සන් වෙතට දික් කලා..

නමුත් කෝෆි කෝප්පය අතට නොගෙනම ජැක්සන් පොඩි දරුවෙක් වගේ හිස දෙපැත්තට වැනුවෙ ලීනගෙ තොල් අගින් පුංචි හිනා හඩක් පිටවෙද්දි..

ජැක්සන්ට දික් කරන් ඉන්න කෝෆි කෝප්පය තමන්ගෙ තොල් වෙතට ලං කරගත්ත ලීනා දුම් දාන කෝෆි කෝප්පයට හෙමින් පිබින්න ගත්තා.. ජැක්සන් තවමත් පොඩි දරුවෙක් වගේ හිනාවෙමින් ඇය දිහා බලන් ඉන්නවා..

ලීනා ආයෙමත් ජැක්සන් වෙතට කෝෆි කෝප්පය දික් කලා නමුත් මේ වතාවෙ ලීනා කෝෆි කෝප්පය ලං කලේ ජැක්සන් ගෙ තොල් ලගට.
දරුවෙක් වගෙ ඔම්මගෙ අතින් කෝෆි බිවුව ජැක්සන් ලීනගෙ අතින් අල්ලන් කෝෆි කෝප්පය ඔහුගෙ අතට ඉල්ලගත්තා..

Stolen Love Where stories live. Discover now