Chapter 48

913 295 492
                                    

Comment goal 150

අදුරේම තව අඩියක් ඉස්සරහට තිබ්බ දගයාගෙ දෙපා හිටිගමන් ගැස්සිලා ගියෙ ඔහු පසුපසින් ඇහුන අඩි හඩ නිසා.

"ජී චන්ග් හියුන්ග්?"

හෙමින් හිස හරවලා වටපිට බලමින් දගයා ජී චන්ග්ට කතාකලත් මොහොතකට කලින් දගයා ඉස්සරහින් ඇවිදන් යමින් හිටිය ජී චන්ග් මේ වෙද්දි පෙනෙන මානයක හිටියෙ නැහැ.


"ජී චන්ග් හියුන්හ් ඔයා කොහෙද?"


ආයෙම වතාවක් වේලුන කොල පෑගෙන හඩකුත් එක්ක සපත්තුවකට පෑගිලා වියලුනු අත්තක්  බිදිලා යන හඩක් ඇහෙද්දි දගයා වේගයෙන් හඩ ඇහුන දිහාවට  හැරුනත් හාත්පස පැතිරුනු කලුවර හැර වෙනත් කිසිවෙක් අදුරු කැලෑවෙ පෙනෙන්න හිටියෙ නැහැ.


"පු.ලු.න් බෝ.ලෙ. ඔයා කොහෙද?"

"පුලුන් බෝලෙ මේ ඔයාද. අනේ එලියට එන්නකො."

අඩි හඩ ටිකෙන් ටික තමා වෙතට ලං වෙද්දි පුංචි දගයා අඩියෙන් අඩිය පසුපසට අඩි තිබ්බා.



"ජී චන්ග් හි.යු..න්ග්..."

අදුරු කැලෑව පුරාම අහිංසක ඇස් ගෙනියමින් ජී චන්ග්ව හෙවුව දගයාට ආයෙමත් නිවස දිහාවට දුවන් යන්න ඕනෙ කලත් පුලුන් බෝලෙ අදුරු කැලෑවෙ තනි කරලා දාලා යන්න දගයට බැරි වුනා.

"පු.ලුන් බෝලෙ ."

දගයගෙ ඇස් බියෙන් විසල් වෙද්දි පහලට බර වෙලා තියන පයින් අතු අස්සෙ යමෙක් හිටගෙන ඉන්න ඡායාවක් ටිකෙන් ටික දගයා වෙත ලං වෙමින් ඉස්සරහට ඇවිදන් ආවා. හියුන්ගිව මතක් කරමින් වෙවුලන්න පටන් ගත්ත දගයා අඩියෙන් අඩිය පසුපසට අඩි තිබ්බෙ පුංචි හිත කම්පනයෙන් වසාගනිද්දි.


"ඩෝලී"

දගයා ඔහුට පෙනෙන ඡායාව දිහා බියෙන් බලන් හිටියත් ඇහුන පිරිමි කටහඩ ඇහුනෙ දගයට පිටුපස දිශාවෙනුයි.ඇහුන කටහඩට වේගයෙන් පිටිපසු හැරුන දගයා අඩි දෙක තුනක් පස්සට විසික් වුනෙ දගයගෙ මුහුන ලගටම නැවිලා ඔහු දිහා බලන් ඉන්න පුද්ගලයාව දකිද්දි.
හිස් මුහුනකින් දගයා දිහා වුක් බලන් හිටියත් දගයගෙ මුහුන තමන් වෙත හැරෙද්දිම ඒ මුහුනෙ ඇදුනෙ ගොඩක් ලස්සන හිනාවක්.

Stolen Love Where stories live. Discover now