Chapter 75

990 278 246
                                    

Comment goal 150

භාගෙට විවර වෙලා තියන රූෆ් ටොප් එකේ දොර අතින් තල්ලු කරමින් සම්පූර්ණයෙන්ම දොර විවර කරපු ටීනා රූෆ් ටොප් එකට ඇතුල් වුනා. රාත්‍රි අදුරෙන් ටිකෙන් ටික ගිලගනිමින් පවතින රූෆ් ටොප් එක මූසල බවකින්  වටකරගෙන ඉන්නාක් මෙන් ටීනාට දැනුනත් ජන්කුක් හමුවෙන්න ඇගේ හිතේ තියන ආශාව මේ සිතුවිලි සියල්ලක්ම පරාජය කලා.

හමන රාත්‍රි  සුලං  රැලි ටීනගෙ දිගු කොන්ඩය අතරින් ගමන් කලා.
හුලගත් එක්ක විසිරිලා ගිය ටීනාගෙ කෙහෙ රැලි ඇගේ මුහුන ආවරනය කරමින් මුහුන පුරා විසිරිලා ගියා.

"ට්ස්ක්."

මුවින් ඇනොයින් හඩක් පිටකරපු ටීනා විසිරිලා ගිය කෙස් අතින් මෑත් කරමින් ආයෙමත් තිබුන විදියට සකසගත්තා. අදුරු රූෆ් ටොප් එකේ ඉදිරියටම ඇවිදන් ගිය ටීනාගෙ තොල් අග කපටි හිනාවක් ඇදුනෙ ඔහුව දකිද්දි.

සාක්කුවට අත් දෙක බහාගත්ත  පුද්ගලයෙක්ගෙ ඡායාව අදුර මැදින් ඈතින් හිටගෙන ඉද්දි මොහොතකට එක තැන නතර වුන ටීනා ඇය හැදගෙන ඉන්න ඇදුමේ උඩු බොත්තම් දෙක පන්නමින් ඇදුම ලිහිල් කරගත්තාེ .හුලගට විසිරෙන කෙහෙරැලි කන පිටුපස රදවගනිමින් ජන්කුක් ලගට ඇවිදන් ගිය ටීනා සරාගි හඩකින් ජන්කුක්ට කතාකලා.

"ජන්කුක් ."

අදුරු පරිසරය තවමත් බොහොම නිහඩයි .ජන්කුක්ගෙන් ටීනාට කිසිම පිලිතුරක් ලැබුනෙ නැහැ.

ජන්කුක්ට කතාකරමින් ටීනා ඔහු ලගටම ඇවිදන් ගියා.ටීනා කතාකලත් තවමත් ඇයට පිටුපාලා හිටගෙන ඉන්න ජන්කුක් ටීනා වෙතට හැරුනෙ නැහැ.ජන්කුක්ගෙන් පිලිතුරක් නැති නිසා ජන්කුක්ගෙ උරහිසෙන් අත තිබ්බ ටීනා සරාගි විදියට තොල් හපන් ජන්කුක්ගෙ මුහුනට එබෙන්න උත්සහ කලා.

"ඇයි මේ. මේ තරම් සීතල අදුරු රාත්‍රියක ඔයා ලගට මට එන්න කියලාත්. මේ තරම් නිහඩ ..ම්ම්ම්ම් ජන්කුකී."

ජන්කුක් පිටුපසින් හිටගත්ත ටීනා ඇගේ වර්න ගන්වපු දිගු නියපොතු ජන්කුක්ගෙ කම්මුල් දිගේ පහලට රැගෙන ගියා .අද අනිවාර්යයෙන්ම ජන්කුක්ව තමන් වෙත නම්මගන්නවා කියන සිතුවිල්ල දිගින් දිගටම ටීනගෙ මනසෙ වැඩ කලත් තව සුලු මොහොතකින් ඇයට අත්වෙන්න යන ඉරණම ගැන පුංචිම අදහසක්වත් ටීනගෙ හිතෙ තිබුනෙ නැහැ.
ජන්කුක්ගෙ කම්මුල් දිගේ ඇගිලි ගෙනියමින් සරාගි හඩින් ඇය රහස් මිමුනුවා. ජන්කුක්ගෙ පිට දිගේ පහලට අත ගෙනියමින් ජන්කුක්ගෙ ඉන වටේ අත් දෙක ඔතාගන්න ටීනා උත්සහ කලත් ජන්කුක්ගෙන් ඇයට ලැබුනෙ ටීනා කිසිසේත්ම බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක් .

Stolen Love Where stories live. Discover now