Chapter 53

1.1K 311 705
                                    

Comment goal 200
Vote goal 100

"හියුන්ග්. හියුන්හ් .හන්සන්ග් හියුන්ග් ඔහොම ඉන්නකො."

කාර්‍යාල සේවකයින් කිහිපදෙනෙක් සමග ඉක්මන් ගමනින් කම්පනි බිල්ඩින් එකේ කොරිඩෝව දිගේ ඇවිදන් යන හන්සන්ගෙ නම කතාකරමින් ඔහු පසුපසින් දුවන් ආවෙ වුක්.

"වුක් මට හදිසි මීටින්ග් එකක් තියනවා.ඒකට ගිහිල්ලා ඇවිල්ලා අපි කතාකරමු හොදද."

Secretary දුන්න ෆයිල් වගයක් පරීක්ශා කරමින් ඉන්න හන්සන්ග් වුක් දිහා නොබලම හෙමින් පිටට තට්ටු කලා.

"නැහැ.නැහැ හියුන්ග් මේ බලන්නකො.මං දිහා බලන්නකො."

හන්සන්ගෙ එක අතකින් අදිමින් වුක් ඇවටිලි කරද්දි පෙරලමින් හිටිය ෆයිල් එක වැහුව හන්සන්ග්  ඇයි මේ බැල්මෙන් වුක් දිහා  බැලුවා.

හන්සන්ග් ඔහුගෙ මුලු කාලයම ගතකලේ   කම්පනි එකෙ වැඩ වලට කාර්යබහුල වෙමින්. විනාඩියකටවත් එක තැනකට වෙලා විරාමයක් නොගන්න හන්සන්ගෙ ඇස් වුක් වෙත යොමු වෙද්දි මේ තරම් වෙලාවක් දැඩි පෙනුමක් ආරූඪ කරගෙන හිටිය හන්සන්ගෙ මුහුනෙ හිනාවක් ඇදුනා.පුංචි දරුවෙක්  වඩාගෙන හන්සන්ග් ලග හිටගෙන ඉන්න වුකුත් හන්සන්ග් දිහා  බලන් පුංචි  දරුවෙක් මෙන් සිනහසෙනවා.

"හියුන්ග් මේ පැටියා  අඩන්න යන්නෙ. අනේ අඩන්න නම් දෙන්න එපා මම එකපාරක් හරිම අමාරුවෙන් නවත්තගත්තෙ.මේ බලන්න ආයෙ ආයෙ අඩන්න යන්නෙ"

නුහුරු විදියට පුංචි දරුවව උඩ දාමින් නලවන්න උත්සහ කරන වුක් දිහා බලලා පුංචි හිනාවකින් හිස දෙපැත්තට වනපු හන්සන්ග් ඔහු අතේ තියන ෆයිල් එක secretary අතට දුන්නා..

"මට දෙන්න."

වුක් අතේ ඉන්න පැටියව වඩාගත්ත හන්සන්ග් හෙමින් හෙමින් පැටියගෙ බේබි බම් එකට තට්ටු කලා.

"කාගෙද මේ දරුවා වුක්?"

"මම කම්පනි එකට එන වෙලාවෙදිම වගේ තමා බබාව මට හම්බුනෙ හියුන්ග්"

"හහ්? "


"නෑ නෑ මම කිවුවේ .මම ඔෆිස් එකට එද්දිම වගේ Main entrance එක ගාර්ඩ් කරන සිකියුරිටිගෙ  නෝනත් මේ බබා එක්ක එතනට ආවා .බබාව ටිකකට බලාගන්න කියලා එයා ලොකු හදිසියකින් සිකියුරිටි ලග ඇවටිලි කලා හියුන්ග්.ඒත් කරන රස්සාවත් එක්ක ඒ මනුස්සයා කොහොමද දරුවෙක් බලාගන්නෙ.ඉතින් මම දරුවගෙ ඔම්මා එනකන් දරුවව බලාගන්න ඉල්ලන් ආවා."

Stolen Love Where stories live. Discover now