Chapter 66

1K 309 336
                                    

Comment goal 150

අදුරු කැලෑව මැද   උඩුලමින් ඇවිලෙන  ගිනි මැලයක්. ඒ ගිනිමැලය වටේට  ජන්කුක් ,ජිමින්,හෝසොක්, ජින්, නම්ජුන්, හියුජින්, යුන්ගි ටේහියුන්ග් හිටගෙන  හිටියා.ටේහියුන්ග්නුත් ජන්කුකුත් හිටියෙ ගිනිමැලය දෙපසින් එකිනෙකට මුහුනලා. ඇවිලෙන ගිනි දැල් මැදින් පෙනෙන ටේහියුන්ග් දිහා ජන්කුක් බලන් හිටියා. උඩුනගින ගිනිදැල් වෙතට යොමුවෙලා තියන ටේහියුන්ගෙ දෑස් වල ගිනිමැලයෙ ප්‍රතිබිම්භය සටහන් වෙලා තියනවා. වෛරය පිරුනු ටේහියුන්ගෙ දෑස් දරා සිටින මේ ගින්න ජන්කුක්ගෙ හදවත පවා මොහොතකට සසල කලා.



මේ වගේ වෙලාවක ජියොන් මාලිගයට යන්න ජන්කුක් ට පොඩ්ඩක්වත් ඕන කලේ නැහැ. ටේහියුන්ග් ශරීරයෙන් ගොඩක් දුර්වලයි එහෙම තියෙද්දි ජන්කුක් කොහොමද ටේහියුන්ග් ව රාක්ශ ගුහාවක් ඇතුලට අරන් යන්නෙ. ඒත් වෛරයෙන් පිරුනු ටේහියුන්ගෙ ඇස් ජන්කුක් දිහා බලද්දි ටේහියුන්ග් ගෙ පලිගැනීම වලක්වන්න තමන් කවුද කියන අසරනකම ජන්කුක් ව මංමුලා කලා.


ටේහියුන්ග් කිවුව හැම දෙයක්ම  නිහඩව අහන් හිටිය හියුජින් ඒ හැමවෙලාවෙම  ජන්කුක්ගෙ මුහුනෙ ඇදෙන පුංචිම හැගීමක් පවා හොදින් නිරීක්ෂණය කලා.

"ජියොන් මාලිගයට යන්න කලින් අපිට සම්පූර්ණ කරන්න තවත් දෙයක් තියනවා."


මේ තරම් වෙලාවක් නිහඩව හිටිය හියුජින් මෙහෙම කියද්දි ඇය කියන කතාව  නොතේරුන සියල්ලක්ම ඇය දිහා බැලුවා .ඒ බැල්මවල් අතරින්  හියුජින්ගෙ ඇස් ගමන් කලේ හෝසොක් වෙතට.

"ඔයා ඒක ගෙනාවද හෝසොක්?"

"ඔවු නූනා."

තමන් ඉදගෙන හිටිය තැනින් නැගිට්ට හෝසොක් ඔහු අතේ තියන ෆයිල් කවරය හියුජින්ගෙ අත මත තැබුවා.ෆයිල් කවරය ඇතුලෙ තියන  පේපර්ස් අතට ගත්ත හියුජින් ටේහියුන්ග් දිහාත් ජන්කුක් දිහාත් බැලුවා.

හියුජින් ඇගෙ රෝද පුටුව තනියෙන් අතින් පැදගෙන ජන්කුක් ටේහියුන්ග් ලගට යන්න ගියත් ඊට කලින් ඉස්සර වුන හෝසොක් හියුජින්ගෙ රෝදපුටුව තල්ලු කරන් ටේහියුන්ග් ලගට ඇයව එක්කගෙන ගියා.ටේහියුන්ග්නුත් ජන්කුකුත් ලගට ආව හියුජින් ඇගේ අතේ තියන පේපර්ස් දෙකට බෙදමින් ජන්කුක් ටේහියුන්ග් අතින් තිබ්බා.  කුතුහලයෙන් පේපර්ස් අතට ගත්ත ජන්කුක් ටේහියුන්ග් හියුජින් දුන්න පේපර්ස් කියවන්න ගත්තා.


Stolen Love Tahanan ng mga kuwento. Tumuklas ngayon