Chapter 29

1.4K 376 225
                                    

Comment goal 100

අදුරු  අහසට අද ගොඩක් විශේශ දවසක්. හරි අපූරුවට අදුරු අහස පුරාවටම තරු කැට පායලා. පාලුවට ගිය කලුවර අහසෙ තනිය මකන්න ඔවුන් අදුරු අහස හොයන් ඇවිල්ලා නමුත් තනියම නම් නෙවෙයි.ඔවුන් එක්ක විශේශ අමුත්තෙකුත්  අද අදුරු අහසෙ තනිය මකන්න ඇවිල්ලා..

කලුවර අහස පුංචි තරු කෝටි ගනනකින් සැරසිලා.. ඒ තරු කෝටි ගනන පිරිවරාගෙන හදත් කලුවර අහස බලන්න ඇවිල්ලා..
පුංචි තරුත් එක්ක එකතු වෙලා හද අදුරු අහසෙ අදුර පලවාහරින්න උත්සහ කරන්න හදනවද කොහෙද..නමුත් කාලයක් තිස්සෙ අහස පුරා පැතිරුනු මුලු අදුරුම පලවාහරින එක තමන්ට විතරක් කරන්න බැරි දෙයක් බව තේරුම් ගත්ත හද අදුරු අහසෙ ඉදන් පොලව දිහාවට එබිකම් කලා.

හද හෙවුවා ඇගෙ පුංචි මැනිකගෙ අදුර පලවාහරින්න ඇය තෝරගත් ඔහු කොහෙද කියලා.... මනුස්ස පොලවට එබිකම් කරමින් ඔහුව හොයපු හද දීප්තිමත්ව සතුටෙන් දිලිසෙන්න ගත්තා.

අවසානයෙ ඔහු ඇවිල්ලා.. අදුරු අහසෙ අදුර පලවාහරින්න  හද විසින් තෝරගත් පොලවෙ උපන්  දීප්තිමත් ගිනිපුලිගුව.
තාරකා සිය දහසක් එකතු වෙලත් පලවාහරින්න බැරි වුන අදුර එකම එක දීප්තිමත් ගිනිපුලිගුවක් විසින් පලවාහරියි..අහසෙ ඉදන් පොලව වෙතට එබිකම් කරපු හද ඔවුන් දිහා බලන් තව තව දීප්තිමත්ව දිදිලුවා..










දීප්තිමත්ව බැබලෙන හඳ තරු  පායපු කලුවර රෑක පාලුවට ගිය තාර පාරක් දිගේ හුළඟ කපාගෙන වේගෙන් ඉදිරියට ඇදෙන මෝටර් බයික් එක තව තව එය රේස් කරමින් එහි වේගය වැඩි කලා.
පාර දෙපස තැනින් තැන තියන චිමිනි ලාම්පු වල එලිය විතරක් පාලු පාරෙ පාලුව මකද්දි බයිසිකල් රෝද තාර පාර මත වේගෙන් ලෙස්සලා යන හඬ සවන් වැකුනු බකමූණෙක් වහලා හිටපු ගහෙන්  ඈතට ඉගිලිලා ගියා.



මුලු ගතම හිරිවට්ටන සීතල හුළඟ මෝටර් බයික් එකේ වේගයට අභියෝග කරමින් ප්‍රතිවිරුද්ධ අතට හමද්දි මෝටර් බයික් එක පදවන ඔහු සයිඩ් කන්නාඩියෙන් ඔහුගෙ පිටුපස ඉදගෙන ඉන්න තරුනයා දෙස බැලුවා..මෝටර් බයික් එකේ වේගයට වාරුවෙන්න ඔහුගෙ උරහිස තදින් අල්ලන් ඉන්න දිගු හීනි ඇගිලි සීතල හුලගෙ සීතල වැඩිකමට රත් පැහැයට හැරිලා.ඔහුට ඕනෙ කලත් බයික් එක නවත්තලා ඔහු හැදගෙන ඉන්න ජැකට් එක තරුනයට දෙන්න තවත් ටික දුරක් මෙහෙම යන්න ඔහු තීර්ණය කලා..මේ වගේ වෙලාවක පුංචිම හෝ රිස්ක් එකක් ගන්න ඔහු සුදානම් වුනෙ නැහැ.



Stolen Love Where stories live. Discover now