Chapter 70

1.1K 281 258
                                    

Comment goal 100

මාලිගයෙ බැල්කනියට දුවන් ආව සයිමන්ගෙ ඇස් බියෙන් විසල් වෙලා ගියා. උමතුවෙන් මෙන් හිසට ගහගෙන ගහගෙන ගිය සයිමන් හන්ග් හොයාගෙන යන්න හැරුනත් පිටුපස හැරුන සයිමන්ගෙ දෙපා ඒ තත්පරයෙම ගල් ගැහිලා ගියා. සයිමන් දිහා දඩයමෙ යන විලෝපිකයෙක් බලන් ඉන්නවා. විලෝපිකයෙක් ලේසියෙන් ගොදුරක්ව ඩැහැගන්නෙ නැහැ. ගොදුර දඩයම් කරගන්න කලින් පුලුවන් තරම් ගොදුරව මහන්සි කරවන එක විලෝපිකයගෙ දඩයමෙ ප්‍රියතම කොටස් වලින් එකක්. විලෝපිකයගෙන් ඈතට ගොදුර දුවන්න දුවන්න ඒ දිහා බලන් විලෝපිකයා හිත යටින් හිනාවෙනවා. මොකද විලෝපිකයා දැනන් හිටියා ගොදුර කොයිතරම් තමන්ගෙන් ඈතට දිවුවත්  විලෝපිකයා දුවමින් දඩයම් කරන්න ගන්න ඊලග විනාඩියෙම ගොදුර තමන් සතුවෙන බව.කිසිම සරනක් නොමැතිව මංමුලාවුන ගොදුරක් දඩයම් කරන එක විලෝපිකයාව උත්තේජනයට පත් කරවනවා.

එදා සයිමන්ගෙ කකුල් දෙක ලග වැදවැටෙමින් හඩාවැටුන පුංචි දගයා අද සයිමන් ඉදිරියෙ නොසැලෙන ගිනි කන්දක් සේ හිටගෙන ඉන්නවා. සයිමන්ගෙ බියෙන් තැතිගැන්වුන මුහුන දිහා බලන් ඒ හැගීම් ටේහියුන්ග් රසවිදිනවා.

ටේහියුන්ග් එක අඩියක් ඉදිරියට තියද්දි ඉබේටම සයිමන් ටේහියුන්ග් ගෙන් අඩියක් පස්සට ගත්තා.සයිමන්ගෙ නලල දිගේ පහලට දහඩිය ගලන් යනවා. සයිමන්ගෙ සම්පූර්ණ පවුකාර ආත්මයම දවා අලුකරවන්න හැකි බැල්මක් ඇති ටේහියුන්ගෙ ඇස් සයිමන්ව ගොඩක් බය කෙරෙවුවා. පවුකාරයින්ට ටේහියුන්ග් ගෙ ඇස් දිහා කෙලින් බලන්න බැහැ. ඒ තරම් ශක්තියක් වෛරයක් ටේහියුන්ග් ගෙ ඇස් වල ඇදිලා තිබුනා.

එදා ලීනගෙ නිසල දේහය තුරුලු කරන් හඩාවැටුන පුංචි දගයාගෙ වේදනාබර විලාපයන් , ලේ ගොඩක් උඩ වැටිලා හිටිය හියුන්ගෙ ඇස් දෙක වෙවුලන අතින් වහපු පුංචි දගයාගෙ කදුලු,දස මසක් කුස දරා වදපු පුංචි සුරංගනාවිව තමන්ගෙම් අතින් හාරපු වලක් යට වල දැන්ම පුංචි දගයාගෙගෙ දෙපා මැදින් ගලන් ගිය රුදිරය මේ සියල්ලක්ම ඔහුව නිර්මාණය කලා.ආත්මයම මරා දමමින් ඇවිලුන ගින්නක් මැදින් උපන් කිම් ජියොන් ටේහියුන්ග් .





Stolen Love Where stories live. Discover now