Chapter 78

985 277 294
                                    

Comment goal 100

රාත්‍රිය උදා නොවීත් සම්පූර්ණ පරිසරයම අදුරකට හැරවිලා. විටෙන් විට හමන් යන සීතල හුලග අදුරු පරිසරයෙ මූසල බව තව තව වැඩි කලා.නම්ජුන්ගෙ ග්‍රහනයෙන් මිදෙන්න දගලමින් කෑගසන ජන්කුක්ගෙ විලාපයන්ගෙන් සම්පූර්ණ මූසල පරිසරයම දෝංකාර දෙනවා.

ගල් පිලිමයක් මෙන් ජන්කුක් ලගින් හිටගෙන ඉන්න ටේහියුන්ග් ගෙ ඇස් වලින් එකම කදුලක්වත් වැටුනෙ නැහැ. නිසොල්මන්ම ඇස් පියන් ඉන්න ජිමින් දිහාත් යුන්ගි දිහාත් ඔහු බොහොම නිහඩව බලන් ඉන්නවා. ඔහුගෙ මුහුනෙ කිසිදු හැගීමක් ඇදිලා නැහැ.ජිමින් ලග දනගහගෙන වෙවුලන අතින් ජිමින්ව ස්පර්ශ කරන ජින් ජිමින්ගෙ නලලත මත හාදුවක් තිබ්බා.
"හියුන්ග්ව දාලා යන්න ගියාද මගෙ රත්තරනෙ."ජිමින්ගෙ කම්මුල් අත ගාමින් ජින් ඔහුගෙන් ප්‍රශ්න කරනවා.

"යුන්ගියා නැගිටින්න. අර බලන්න ජන්කුක් ඔයාට බනිනවා. නැගිටලා එයාට කියන්න ඔයාට බනින්න එපා කියලා."

"යුන්ගි නැගිටින්න. ටේහියුන්ග් ඔයා දිහා බලන් ඉන්නවා. එයාට ඔයාව ඕනෙ දන්නවා නේද යුන්ගි .ඉතින් ඇයි බන් මේ? ප්ලීස් නැගිටින්න. ජිමින්වත් එක්කන් ඉක්මනින්ම ඇවිල්ලා ඇස් අරින්න.අපි බලන් ඉන්නවනෙ."










"යුන්ගි උබ මට කිවුවා. උබ කිවුවා මගෙ මල්ලිව පරිස්සම් කරගන්නවා කියලා. එහෙම කිවුව උබ කොහොමද මගෙ මල්ලිවත් අරගෙන මෙහෙම යන්න ගියේ."

"උබ මට බය වෙන්න එපා කිවුවා. මගෙ ජිමින් ලගින් උබ ඉන්නවා කිවුවා.එහෙම කියලා උබ මොකක්ද් මේ කලේ."

ජන්කුක් ඔහුගෙ වේදනාව වචන කරද්දි නම්ජුන් වේදනාවෙන් අහක බලාගත්තා.




"‍යුන්ගි ඇයි උබට බැරි වුනේ උබෙ ජිමින්ව පරිස්සම් කරගන්න. උබේ පස්සෙන් නේද පුංචි කාලෙ ඉදන්ම එයා දුවන් ආවෙ. ඇයි ඇයි බැරි වුනේ එහෙනම්.මට මගෙ මල්ලිව ගෙනත් දෙනවා. මට මගෙ මල්ලිව ගෙනත් දෙනවා."

"මගෙ ලෝකය මගෙ පුංචි ජිමිනි.හියුන්ගෙ ලෝකය. මගෙ මැනික."

"හියුන්ග් මගෙ මල්ලි මට කෝල් කරද්දිත් මම මගෙ මල්ලිගෙ කෝල් එක ආන්සර් කලේ නැහැ. .හියුන්ග් කවදාවත් එහෙම කරලා නැහැ නේද මගෙ මැනිකෙ. ඇයි අද හියුන්ග් එහෙම කලේ. හියුන්ග්ට තිබ්බා මගෙ මැනිකගෙ කෝල් එක ආන්සර් කරන්න. නම්ජුන් හියුන්ග් මමයි මගෙ මල්ලිව මරාගත්තා. මමයි මමයි මැරුවෙ මගෙ මල්ලිව."


Stolen Love Where stories live. Discover now