Chapter 71

1.2K 269 229
                                    

Comment goal 100

"හියුන්ග්ග්ග්ග්.මේ අන්තිම වතාව ප්‍රොමිස්. අහන්නකො එකම එක පාරයි."

හන්ග් පසුපසින් දුවන් එන පුංචි හන්සන්ග් හන්ගෙ අතේ එල්ලුනෙ ඔහුගෙ හුරතල් තොල් බොක්ස් එකක් හැඩේට පෙරලගනිමින්.හන්ග්ට ඉදිරියට ඇවිදන් යන්න ඉඩ නොදී පුංචි හන්සන්ග් හන්ග්ව අතින් පසුපසට අදිනවා.එක තල්ලුවකින් හන්සන්ග්ව තමන්ට තල්ලු කරලා දාන්න පුලුවන් කම තිබුනත් annoying බැල්මකින් හන්ග් පුංචි හන්සන්ග් වෙතට හැරුනා .

පුංචි ඇස් බෝල කරගෙන හුරතල් විදියට සිනහසෙමින් තමන් දිහා බලන් ඉන්න පුංචි හන්සන්ග් දිහා බලන් හන්ග් ලොකු සුසුමක් පහලට හෙලුවා.

"හෙ.හෙ.හෙ.හෙ"

හිනාවෙමින් ඔහුව ඇදගෙන යන පුංචි හන්සන්ග් පසුපසින් හන්ග් ඇවිදන් ගියා. පුංචි හන්සන්ග් හන්ග්ව එක්ක ආවේ පුංචි හන්සන්ග්ට මාලිගාවෙ විශේශිතම කාමරයට. එය කාමරයක්ම නෙවෙයි හන්සන්ගෙ මියගිය ඔම්මා ජියොන් ලීසා ආදරයෙන් රැකබලාගත්ත රෝස පැලෑටි එකතුව තමා මේ කාමරයෙ තිබුනෙ. රෝස පැලෑටි වලට නිදහසෙ වැවෙන්න හැකි පරිදි පසුබිමකින් ඒ කාමරය නිමවලා තිබුනා. ලීසා ජීවත්වුන කාලයෙ ඇය වැඩිහරියක්ම කාලය ගත කලේ මේ කාමරයෙ. පුංචි හන්සන්ග්ව ලගින් තියන් රෝස මල් වත්ත මැද බටනලා වාදනය කරන්න ඇය ගොඩක් ප්‍රිය කලා.හන්සන්ග්ට වයස අවුරුදු තුන පිරෙද්දිම ලීසාට මේ ලෝකයෙන් යන්න වෙන්නෙ ඇගෙ රෝස මල් සමගම එකට පිපෙමින් හිනැහුන ඇගෙ පුංචි පැටියව ඔහුගෙ අප්පත් හියුන්ග්නුත් සමග තනිකරලා.


පොලවට තට්ටු කරමින් තමා ලගින් ඉදගන්න කියලා හන්ග්ට සං කරපු පුංචි හන්සන්ග් ඔහු මේ තරම් වෙලාවක් හංගන් හිටිය පුංචි බටනලාව සාක්කුවෙන් එලියට ගත්තා. බටනලාව පුංචි රෝස තොල් ලගට ලං කරගත්ත හන්සන්ග් ඇස් පියාගත්තා. පුංචි හන්සන්ග් වයස අවුරුදු පහක පුංචි දරුවෙක් වුනත් ඔහුගෙ ඔම්මා වගේම ලස්සනට බටනලාව වාදනය කරන හැකියාව උපතින්ම හන්සන්ග්ට පිහිටලා තිබුනා.පුංචි හන්සන්ග් ඇස් පියන් බටනලාව වාදනය කරද්දි ඔහු ලගින් ඉදන් ඉන්න හන්ග් හන්සන්ග් දිහා බලන් හිටියා.


Stolen Love Where stories live. Discover now