Chapter 12

1.4K 396 181
                                    

Vote goal 100
Comment goal 100

මොකක්ද ඒ ගමන පටන් අරගෙන තියන අලුත් නාඩගම...

නිදහසක් විදින්න කියලා ආවත් ආව දවස් ටිකේම කලේ පෙන්ත්හවුස් එකට වෙලා නිදියගන්න එක නිසා අද උදෙන්ම ජන්කුක් පෙන්ත්හවුස් එකෙන් එලියට බැහැලා ගියේ හැමෝම කියන ජේජු ඇත්තටම ඒ තරමටම ලස්සනද කියලා බලන්න...

ජන්කුක්ගෙ ගමන ගැන ඔහු සෑහීමටත් පත් වුනා...ජේජු ලස්සනයි...ජන්කුක් ආස කලා ජේජු වල ස්වභදහමට...අමුතුම මායාවක් ජේජු ස්වභදහමේ ජන්කුක්ට දැනුනා..




හොද මූඩ් එකකින් ආයෙමත් පෙන්ත්හවුස් එක බලා වාහනය drive කරපු ජන්කුක් වාහනය පාර්ක් කරලා වාහනෙන් බහිනගමන් නලල රැලි කරගත්තෙ කලබලෙන් පෙන්ත්හවුස් එක ඇතුලට දුවන සිකියුරිටි ගාර්ඩ්ස්ලා දකිද්දි...

යතුරු කැරැල්ල අතින් අතට උඩ දාලා මාරු කරපු ජන්කුක් දිවෙන් කම්මුල තද කරමින් පෙන්ත්හවුස් එක දිහාවට ඇවිද්දෙ අද පටන් අරගෙන තියන අලුත් ඩ්‍රාමා එක මොකක්ද හිතමින්...



වට් ද...

පඩිපෙල නගින්න ගත්ත ජන්කුක් ගෙ ඇගේ හැපීගෙන කලබලෙන් පඩිපෙල බැහැගෙන ආව මනුස්සයෙක් දුවන් ගියේ වැදුන වේගෙට ජන්කුක් ව පස්සට විසික් වෙද්දි...


කේන්තියෙන් ජන්කුක් න් මනුස්සයා දිවුව දිහා හැරිලා බැලුවත් ජන්කුක්ගෙන් සමාව වත් ගන්නෙ නැතුව ඔහු වේගෙන් එලියට දුවලා ඉවරයි...



තිබ්බ හොද මූඩ් එක නැති වුන ජන්කුක් දෙබැම රැලි කරගෙන පඩිපෙල නැග්ගා ....ජන්කුක්ට කම්මැලි හිතුනා මේ වෙලාවෙ මනුස්සයා හොයාගෙන යන්න..ඒක ඔහුගෙ වාසනාවක්..එහෙම නොවුනනම්.....

ජන්කුක්ට දැන් ඕන කලේ හොද නින්දක්...පඩිපෙල නැගන් ආපු ජන්කුක් ඔහුගෙ කාමරය දිහාවට යන්න හැරුනත් ජන්කුක්ට  ඇහුනෙ ටේහියුන්ග් ඉන්න කාමරෙ දිහාවෙන් කසු කුසු හඩක්...





ඕහ් මයි ඒස්‍රා අද මොකක්ද ඔයා පටන් ගත්ත අලුත් ඩ්‍රාමා එක..

කසු කුසු හඩ නිසා ටේහියුන්ගෙ කාමරේ දිහාවට ඇවිද්ද ජන්කුක් ගෙ කකුලට වතුර පෑගෙද්දි කොරිඩෝ එක පුරාම ගලන වතුර දිහා බලන් තමන්ටම මුමුන ගත්තා..



Stolen Love Where stories live. Discover now