Chapter 68

1.1K 293 479
                                    

Comment goal 150

ටේහියුන්ග්නුත් ජන්කුක්නුත් මාලිගයෙ ජන්කුක්ගෙ නිදනකාමරයට ආව ගමන්ම මුලු මැන්ශන් එකේම විදුලිය නැති වෙලා ගියෙ සම්පූර්ණ මාලිගයම අදුරෙ ගිල්වමින්.විදුලි පහන් නිවීගොස්  මාලිගය අදුරු වැටෙනවාත් එක්කම ටේහියුන්ග් ගෙ අතින් අල්ලගත්ත ජන්කුක් ටේහියුන්ග් ව ඔහුගෙ පසුපසට කරවලා ටේහියුන්ග් ඉස්සරහින් හිටගත්තා.ජන්කුක්ගෙ තියුනු ඇස් අදුරු කාමරය පුරා ගමන් කලා.නමුත් ජන්කුක් ගෙ අතින් තමන්ගෙ අත අතහැරගත්ත ටේහියුන්ග් ජන්කුක් ගෙන් ඈතට ඇවිදන් ගියේ ජන්කුක් ටේහියුන්ගෙ නම කියලා කලබල හඩකින් කතාකරද්දි.

"ටේහියුන්ග් ඔහොම ඉන්න මේඩ්ස්ලා ජෙනරේටර් එක ඔන් කරයි.එතකන් මං ලගින් ඉන්න."


ජන්කුක් ටේහියුන්ගෙ අතින් අල්ලගන්න ගියත් ජන්කුක්ගෙ අත පොවන මානයක ටේහියුන්ග් හිටියෙ නැහැ.කලබලයෙන් ෆෝන් එක අතට ගත්ත ජන්කුක් ෆෝන් එකේ ටෝච් එක ඔන් කරන්න ගියත් මේ වෙනකොටත් ජන්කුක් ගෙ ෆෝන් එක බැට්‍රි බැහැලා ෆෝන් එක ස්විච් ඕෆ් වෙලා.


අදුරෙ කාමරය පුරාම ඇස් අරන් යවමින් ටේහියුන්ග් ට කතාකරන ජන්කුක් ඔහුට ඇහුන පුංචි හඩට ඉක්මනින්ම හඩ ඇහුන දිහාවට හැරුනා. අදුර මැදින් මතුවෙන පුංචි ආලෝකය දිහා ජන්කුක් බලන් හිටියා. ජන්කුක්ට පිටුපාලා හිටගෙන ඉන්න ටේහියුන්ග් කාමරයෙ කොනක තියන ටේබල් එකක් මත තියන ඉටිපන්දමක් පත්තු කරනවා.


"ටේහියුන්ග්".

ජන්කුක් ටේහියුන්ග් ට කතාකලත් ටේහියුන්ග් තවම බොහොම නිහඩයි.

"ටේහියුන්ග් දෙන්න මම පත්තු කරන්නම්."

ටේහියුන්ග් ලගට ඇවිදන් ආපු ජන්කුක් ටේහියුන්ග් අතේ තියන දැල්වෙන ගිනිකූර ඉල්ලගන්න ගියත් ජන්කුක් ගිනිකූර ස්පර්ශ කරන්න ඔන්න මෙන්න සැරසෙද්දි ටේහියුන්ග් ගිනිකූර බිම අතහැරියා.

"මේ මුරන්ඩු දරුවා. "

ටේහියුන්ගෙ මුරන්ඩු වැඩ වලට ජන්කුක්ගෙ  මුවින් ඉබේම ඒ වචන පිටවුනා. ටේහියුන්ග් අතේ තියන ගිනිපෙට්ටිය අතට ගත්ත ජන්කුක් පේලියට හිටවලා තියන අනෙක් ඉටිපන්දම් පත්තු කරන්න ගියත් ජන්කුක් ගෙ අත ආයෙමත් වේගයෙන් ටේහියුන්ග් වෙතට දික් වුනා.



Stolen Love Where stories live. Discover now