Chapter 43

1K 295 368
                                    

Comment goal 200

"ජිමින්.."

දගයත් එක්ක නිවසින් එලියට දුවමින් හිටිය ජිමින් ජැක්සන්ගෙ කටහඩ ඇහෙද්දි මගින් නතර වුනා. ජැක්සන් දිහා ඔලුව හරවලා බලපු ජිමින් මොහොතකට නිරුත්තර වුනත් ආයාසයකින් වචන එකතු කරගත්තා..

"හියුන්ග්.."

"මං ලගට එන්න."

දොර උලුවස්සට හේත්තු වෙලා අත් දෙක පපුවට බැදගෙන ජිමින් දිහා අමුතුම විදිහකට බලන් ඉන්න  ජැක්සන් බැල්ම ජිමින්ව තැති ගැන්මට ලක් කලත් ජැක්සන්ගෙ තියුනු ඇස් මගහරිමින් බිම බලාගත්ත ජිමින් හෙමින් ජැක්සන් ලගට ඇවිදන් ආවා.

"ඒක ගොඩක් ලොකු වැරදි වැඩක් ජිමින්."


"හි...යු...න්...ග්..."

"මං දිහා බලන් කතාකරන්න ජිමින්.වැරැදි කරපු මිනිස්සු තමා ඔය වගෙ ඇස් බිමට හරවගන්නෙ..."


ජැක්සන්ගෙ ගැබුරු කටහඩ ඉදිරියෙ ජිමින්ට දැනුනේ ඔහු තව තව දුර්වල වෙනවා කියලා.ජිමින්ගෙ හිත හොදින්ම දන්නවා ඔහුගෙ හිතෙ පිරිලා තියන ආත්මාර්තකාමි සිතුවිලි මොන වගේද කියලා.
ඉතින් ජැක්සන් ගෙ ගැබුරු කටහඩ ඉදිරියෙ ඕනෙවටත් වඩා ජිමින් තැතිගැන්මට ලක් වුනා..
අතෙ ඇගිලි එකිනෙකට පටලගෙන බිම බලන් ඉන්න ජිමින්ව දකිද්දි මේ තරම් වෙලාවක් ටිකක් නපුරු කරගත්ත ඇස් වලින් ජිමින් දිහා බලන් හිටිය ජැක්සන් ගෙ ඇසුත් මෘදු වෙන්න පටන් ගත්තෙ ටේ බෙයාට වඩා වයසින් ටිකක් ලොකු වුනත් ජිමින්ගෙනුත් ජැක්සන් මහ වෙනසක් නොදැක්ක නිසා.

ජිමින්ගෙ නිකට යටින් ඇගිල්ල තිබ්බ ජැක්සන් හෙමින් ජිමින්ගෙ මුහුන ඉස්සුවා.. ජැක්සන් හිතුවාත් වග්සෙම ජිමින්ගෙ ඇස් වල කදුලු පිරිලා..


"අඩන්න එපා..හියුන්ග් ඔයාට බැන්නෙ නැහැනෙ ජිමින්. ඒත් ඔයා තේරුම් ගන්න ඕනෙ ඒක ගොඩක් නරක වැඩක්."

ජිමින් හඩමින්ම හිස ඉහලට පහලට හෙලෙවුවා.

ඒ...ඒත්...ඒ..ඒත් ම..ට. ඔයා..ව.. ඕ....

"ටේ බෙයා තවම අවුරුදු පහලවක පුංචි කොල්ලෙක්."

ජිමින් ඔහු කියන්න ගිය වාක්‍ය වේගයෙන් ගිලගත්තා..ජිමින් බලාපොරොත්තු නොවුන කතාවක ආරම්භය ජැක්සන් පටන් ගනිද්දි ජැක්සන් දිහා කුතුහලය පිරුනු ඇස් වලින් බලපු ජිමින් හෙමින් හිස වැනුවා..

Stolen Love Where stories live. Discover now