Comment goal 200
අහසෙ තනිය මකන්න පායපු ඉරට යලිත් අහසෙන් සමුගන්නට වෙන හෝරාව ටිකෙන් ටික ලගා වෙනවා . ලා නිලට තේජාන්විතව බැබලුනු සුන්දර නිල් අහස කෙමෙන් කෙමෙන් දුක්බරව අදුරට බර වෙද්දි ඉරටත් අහස දිහා බලන් හීල්ලෙන්න ඇති .ඒකයි සමුගැනීමට ඉක්බිදව අහසත් එක්කම මනුස්ස පොලවත් ලා රතු පැහැයකින් සැරසෙන්න ඇත්තෙ.කිසිම හැලහොල්මනක් නැති අහසත් ඉරට හිතුමතේ අහස පුරා සිත්තම් අදින්න දීලා ඔහේ බලන් හිටියා.
අහසින් එහා මනුස්ස පොලව දිහාවට එබිලා බලපු ඉර බැස යන්නට ඉක්බිදව ආයෙම වතාවක් අහස දිහා හැරිලා බැලුවා..ඉර අහසට ඉගිපෑවා..
මගෙ ආදරනීය අහස මේ තරම් කාලයක් බලන් හිටිය ඒ මොහොත උදා වෙන්නයි යන්නෙ..
දුක් වෙන්න එපා මගෙ අහස අද බැස ගියත් හෙට දවසෙදි මීටත් වඩා දීප්තිමත්ව බලාපොරොත්තුව නමින් මට උබව හොයන් එන්න පුලුවන් වේවි.
බලන්න අහස මනුස්ස පොලවේ අද උබ වෙනුවෙන් සාදානරයක් ඉශ්ට වෙන්නයි යන්නෙ..
උබ වෙනුවෙන් දැවි දැවි ගිනිගන්නා මහා ගිනිපුලිගුවක් උප්පත්තිය ලබන්නයි යන්නෙ..
වෙලාව හවස 5 පහු වෙලා 6යේ පැයට ආසන්න මොහොතක් වෙන්න ඇති.කොයිතරම් වෙලාවක් මේ වෙද්දි ගත වෙලා ඇත්ද කියා ඔහුට නිමානය කරගන්න බැරි වුනා..නහයට තද වුන ලේන්සුවකින් හැමුව සැර සුවදට ටිකෙන් ටික තමාගෙ සිහිය ගිලිහුන හැටි පමනක් ඔහුගෙ මතකයෙ ඉතුරු වෙලා තිබුනා..මොහොතකට පෙර නැවතත් සිහිය ලැබුවත් මේ වෙද්දිත් කොයිතරම් වෙලාවක් ගත වෙලා ඇත්ද කියලා ඔහු දැනන් හිටියෙ නැහැ.
සිදුවීමට යන්නෙ කුමක් වුනත් ඒ මොහොත උදා වෙනකන් සන්සුන්ව ඉන්න ඔහු උත්සහ කලත් මේ තරම් වෙලාවක් කණ වැකුන කාර්ය බහුල නගරයෙ අනෙක් වාහන වල ශබ්දයන් තවදුරටත් ලගින් ඇහෙන්නෙ නැති තරම් තමන්ගෙන් ඈතට යනවා කියලා දැනෙද්දි සන්සුන්ව හිදීම නුවනැති වැඩක්ද යන්න වග ආයෙම ආයෙම ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කලා. දෑත් පසුපසින් තඳින් බැඳිලා තිබුනු නිසාම කොයි තරම් ගැලවෙන්න දැඟලුවත් එය නිශ්ඵල ක්‍රියාවක් වෙද්දි වෙන්න යන්නෙ කුමක් වුවත් එයට සූදානම් වෙන්න ඔහු තීර්ණය කලා .