Chapter 85

1K 270 197
                                    

Comment goal 100

පයින් කොල අතරින් හමන් යන සීතල  හුළඟත් පයින් වනාන්තරය පුරා ගලන් යන  ලා හිරු එලියත් , ඔවුන්ගෙ පුංචි සුරදූතයව සෙනෙහෙබරව ඔවුන්ගෙ තුරුලට පිලිගත්තා  -පයින් වනාන්තරයේ වෙන කිසිම තැනකට නොලැබුන හිරු ආලෝකයක් ටේහියුන්ග් දණ නමන් ඉන්න  පයින් ගස අසලට ලැබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පයින් කොල අතරින් හමන් යන සීතල හුළඟත් පයින් වනාන්තරය පුරා ගලන් යන ලා හිරු එලියත් , ඔවුන්ගෙ පුංචි සුරදූතයව සෙනෙහෙබරව ඔවුන්ගෙ තුරුලට පිලිගත්තා -පයින් වනාන්තරයේ වෙන කිසිම තැනකට නොලැබුන හිරු ආලෝකයක් ටේහියුන්ග් දණ නමන් ඉන්න පයින් ගස අසලට ලැබුනා.

වේදනාවට එහා ගිය හැගීමක් ටේහියුන්ග් ගෙ ඇස් වල ඇදිලා තියෙද්දි ඔහු පරිස්සමට පයින් ගස ස්පර්ශ කලා. අනෙක් කිසිම ගසක නොමැති විදියට ටේහියුන්ග් දණ නමන් ඉන්න පයින් ගසේ කද මත විතරක් දම් පාට පුංචි මල් පිපිලා තිබුනා.ටේහියුන්ගෙ රෝස තොල් අග ලා පුංචි හිනාවක් මැවෙද්දි ඔහු බොහොම පරිස්සමෙන් පුංචි මල් පෙති ස්පර්ශ කලා.

පුංචි මල් බොහොම සුවදයි. පුංචි සුරංගනාවිව තුරුලට ගත්ත පලවෙනිම තත්පරයෙ ටේහියුන්ග් ට දැනුන ඒ සුවද ඒ විදියටම පුංචි මල් වලින් ටේහියුන්ග්ට දැනුනා.

" ස්තූතියි. ස්තූතියි මගෙ සුරංගනාවිට ඔයත් එක්කම හුස්ම ගන්න කියලා දුන්නට."

පයින් ගසෙ කද මතින් අත තියමින් ටේහියුන්ග් හෙමින් මිමිනුවා.

"මගෙ ස්නෝබෝල්ගෙ නූනා"

පුංචි මල් පෙති ස්පර්ශ කරමින් ටේහියුන්ග් ඔහුගෙ කුස මතින් පරිස්සමට අත තියාගත්තා. ටේහියුන්ග්ට ඕන කලා පුංචි පැටියා මේ ලෝකයට ඉපදෙන්න කලින්ම පැටියට නූනව මුනගස්වන්න.

ටේහියුන්ගෙ  කුසේ පන ගැහෙන පුංචි පැටියා මේ ලෝකයට ඉපදෙන්න කලින් මේ විදියට නූනත් එක්ක බැදීමක් ඇති කරගන්න පැටියට පුලුවන්. ලෝක දහමත්, ජීව මාතාවන්ගෙ මායාවත් සිද්ද වෙන්නෙ ඒ විදියටයි. මේ විශ්වයේ පිරිසිදුම ආත්මයන්ට ජීවයේ මාතාවන්ව දැනෙනවා. පවුකාර ලෝකයට ඉපදෙන්න කලින්ම ස්නෝබෝල්ගෙ ආත්මයට ජීවයේ මාතාව හා සම්බන්දතාවයක් ඇති කරගන්න ගොඩක් පහසුයි.ටේහියුන්ග්ටත් වඩා හොදට ඔහුට නූනගෙ ආත්මය විදින්න පුලුවන්.

Stolen Love Where stories live. Discover now