Chapter 34

1.4K 353 301
                                    

Comment goal 100

පුලුන් බෝලෙවත් උස්සන් දුවන් ආව දගයා ඈත පේන කලු පැහැති වාහන පේලිය දකිද්දිම එතන තියන ගහ මතට ගොඩ වුනෙ ලොකු ගල් ගෙඩියකුත් උස්සන්..

ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....

වාහන පේලියෙ ඉදිරියෙන්ම ආව වාහනයෙ ඉස්සරහ රෝද දෙකේම හුලං විශාල ශබ්දෙයක් නංවමින් බැහැලා යද්දි වේගයෙන් ආව වාහනයේ බ්‍රේක් වැදුනා...

ඉදිරිපස වාහනයෙ බ්‍රේක් වදිද්දි එය පසුපසින් පැමිනි අනෙක් වාහන පෙලත් පාර මැද නතර වුනේ වාහන පෙල පැමිනි පාර පුංචි පටු පාරක් වුන නිසා ..ඉදිරිපස වාහනය නතර වෙද්දි එතනින් එහා වාහනයක් ඉදිරියට ධාවනය කරන්න බැරි තරම් පාර පටුයි..



නතර වුන කලු පැහැති වාහනයෙ දොර ඇරගෙන එයින් එලියට බැස්සෙ සුදු පැහැති නිල ඇදුමක් හැදගත් රියදුරා ..වැඩි වෙලාවක් ගත වුනෙ නැහැ.. වාහනෙන් බැස්ස රියදුරාගෙ  අත ඉබේම ඔහුගෙ නලල වෙත ගියෙ ඔහු ඉදිරියෙ පෙනෙන්නට තියන දර්ශනය නිසා..

පටුපාර පුරාවටම වියලුනු කටු පදුරු අතු සීසීකඩ විසිරුවලා.. බැලූ බැල්මටම ඕනෙම අයෙක්ට පැහැදිලියි කවුරුම හෝ පාර වෙත කටු අතු ඇදලා දාලා...

ඝන වාහන රෝදයක් හිල් කරන්න තරම් තියුනු කටු අතු දැනටමත් ඔවුන් පැමිනි වාහනෙ ඉස්සරහ රෝද දෙකට හානි කරවලා..වාහනෙන් බැස්ස ඔහුට අදහගන්න බැරි වුන එක හේතුවක්.. වාහනය කටු පදුරු ලගටම එනකන් ඇයි ඔහු කටු පදුරු අතු දැක්කෙ නැත්තෙ..ප්‍රමානයෙන් ඒ තරම් විශාල නැති කටු පදුරු අතු ඈත තියා ආව වාහනෙට ගොඩක් ලොකුවට පෙනුනෙ නැහැ..වාහන රෝදය හිල් කරන්න තරම් ඒ කටු තියුනු ඇති කියලා ඔහු කිසිසේත්ම හිතන්නෙ නැතුව ඇති..

බර හුස්මක් පහලට හෙලපු ඔහු පිටුපසින් නතර වෙලා තියන වාහන පේලිය දිහාවට හැරුනා.. අනෙක් වාහන සියල්ලටම වඩා මදක් විශාල වටිනා පෙනුමකින් යුක්ත වුන වාහනය ලගට ඇවිදන් ගියපු ඔහු වාහනයේ වීදුරුවට අතින් තට්ටු කලා..


"සර් අපි මේ ගමන එනවට කාටහරිම බාදා කරන්න ඕන වෙලා වගේ..මෙතනින් එහා මීටර ගානක් යනකන්ම කවුරුහරි පාර පුරාම කටු පදුරු දාලා.."
"පෙන්ත් හවුස් එකට කෝල් එකක් දීලා වාහනයක් ගෙන්නුවත් කටු පදුරු ටික අයින් කරන්නම පැයබාගයක්වත් යයි. ."

Stolen Love Where stories live. Discover now