Chapter 79

975 254 203
                                    

Comment goal 100

"සයිමන්. සයිමන්."

ජියොන් හන්ගෙ හඩ පාලු මාලිගය පුරාම දෝංකාර දුන්නා. මාලිගාව පුරාම ඇවිදිමින් සයිමන්ව හොයන හන්ග් පාලුවට ගිය මාලිගා කොරිඩෝව වෙත ඇවිදන් ආවා. ඔහු මේ වතාවෙ දැක්කා ඔහු එනකන් මග බලන් ඉන්න මාලිගාව සේවකයින් කිහිප දෙනෙක්ව.හන්ග් ඔහුන් වෙත ඇවිදන් යද්දි  ඔවුන් හිස් නවමින් හන්ග්ට ආචාර කලා.

" සයිමන් කොහෙද? උබලා සයිමන්ව දැක්කද?"

හිස් පහලට නවන් ඉන්න සේවකයින්ගෙන් හන්ග් එහෙම ඇහුවත් ඔහුට ඔවුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ.එක සේවකයෙක්ගෙන්වත් පිලිතුරු නොලැබෙද්දි හන්ග් එකිනෙකට සේවකයින් ලගට ඇවිදන් යමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කලා.පේලියට හිටගෙන ඉන්න සේවකයන් එකිනාගෙන් ප්‍රශ්නය කරමින් කොරිඩෝව කෙලවරටම හන්ග් ඇවිදන් ගියත් ඔවුන් කිසිවෙක්ගෙන්ම හන්ග්ට ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ. අවසන් සේවකයාත් කිසිවක්ම නොකියා හිස පහලට බර කරන් ඉද්දි ඔවුන්ගෙ මේ හැසිරීම තේරුම් ගැනීමට නොහැකිව හන්ග්  කුතුහලයකින් ඔවුන් දිහා බලන් හිටියා.
පුපුරන්න තරන් කැක්කුම් දෙන නලල පොඩි කරමින් හන්ග් මොහොතකට සිතුවිලි ලෝකයෙ අතරමං වුනා. ඔහුට දැනුනා ඔහුට යමක් මගහැරිලා. මගහැරුනු ඒ දෙය හොයන්න හන්ග් උත්සහ කලා.

ආයෙම කොරිඩෝවෙ හිටගෙන ඉන්න සේවකයින් වෙතට හන්හ් හැරුනත්  මේ වතාවෙ ඔහු අඩි කිහිපයක් පසුපසට විසික් වුනා. මේ තරම් වෙලාවක් ඔහුට ආචාර කරමින් කොරිඩෝව දිගේ හිටගෙන හිටිය එකදු සේවකයෙකුගෙවත් හෙවනැලක්කවත් හොයාගන්න නොහැකි වෙන අයුරින් ඔවුන් සියල්ලක්ම අතුරුදහන් වෙලා.

හන්ගෙ නලල දෙපැත්තට දහඩිය බිදු එකතු වෙද්දි හන්ග් ඔහු හිටගෙන හිටිය තැනින් ආපස්සට අඩි තියමින් දෑතින්ම හිස බදාගත්තා. ඔහුගෙ ඇස් මාලිගාව පුරාම ගමන් කලා. මනුස්ස ප්‍රානියෙක්ගෙ ඡායාවක්වත් එහි දකින්න නැහැ. සම්පූර්ණ මාලිගාවම අදුරු පාලු මූසල වටපිටාවකින් වහගෙන.

හෙමින් හෙමින් අඩි තියමින් පසුපසට ඇවිදන් ආව හන්ග් වෙවුලන දෙපා වාරු නැතුව පසුපසට ඇදගෙන වැටෙන්න ගියත් කොරිඩෝවෙ බැල්කනි ගැට්ට හන්ගෙ සිරුර සමබර කරගත්තා. හිස පිටුපසට හරවමින් හන්ග් බැලකනිය දිහා බැලුවා. එදා මීනා පහලට ඇදගෙන වැටුන ඒ බැල්කනි ගැට්ට මතටම හන්ගෙ සිරුර පහලට බර වෙලා. වේගයෙන් කෙලින් වුන හන්ග් පසුපසවත් නොබලා කොරිඩොවේන් ඈතට දුවන්න ගත්තෙ ඔහුගෙ හදවත දියෙන් ගොඩ ගත්ත මාලුවෙක් මෙන් වේගයෙන් වේගයෙන් ගැහෙද්දි.

Stolen Love Where stories live. Discover now