Comment goal 100
අහසටත් පුලුවන් වුනා නම් ඉර වගේ ,හද වගේ ,තරු වගේ
හැංගිලා යන්න....ඒත් අහසට බැහැ.....යන එන ඔවුන් දිහා බලාගෙන හැමදාම තනිකමෙන් අහසට ඉන්න වෙලා..ඒක ඉරණමක් ...
නපුරු ඉරණමක්...
කතන්දර නොලියවුනු නපුරු ඉරණමක්.....
තවමත් ටේහියුන්ග් පේන දුර අහස දිහා බලන්.. ජන්කුක් කලේ නිහඩව ටේහියුන්ග් දිහා බලන් ඉන්න එක...ඒ නිසාම ජන්කුක් දිහා හැරිලා බැලුව ටේහියුන්ග් ජන්කුක් ගෙ ඇස් දිහා බැලුවා..
ජන්කුක් දිහා බලන් ඉන්න ටේහියුන්ගෙ ඇස් වල තිබුනෙ ජන්කුක් ට කියවගන්න බැරි අමුතුම බැල්මක්..ටේහියුන්ග් දිහා බලාගෙනම ජන්කුක් ටේහියුන්ග් ලගට ලං වෙන්න අඩි තිබ්බා. ඒත් ජන්කුක්ට ටේහියුන්ග් ට ලං වෙන්න බැරි වුනා..ජන්කුක් අඩියක් ඉස්සරහට තියද්දි ටේහියුන්ග් අඩියක් පස්සට ගත්තෙ ජන්කුක්ව නොඉවසිලිමත් කරමින්...
ටේහියුන්ග්ගෙ සෙල්ලමෙ කෙලවරක් නැති නිසා ජන්කුක් ආයෙමත් මගින් නතර වුනා....
ජන්කුක් තමන් ලගට එන්නෙ නැහැ කියලා දකිද්දි ටේහියුන්ග් කලේ ඔහු පිටිපස්සෙ තියන බිත්තියට හේත්තු වෙලා ජන්කුක් දිහා බලාගෙන ඉන්න එක...
ඒ ඇස් තුල හැංගිලා තිබුනේ මායාවක්..ජන්කුක් වගේ දඩබ්බරයෙක් නොසන්සුන් කරවන මායාවක්..
ජන්කුක්ගෙ අදුරු ඇස් වල ඇති වෙන වෙනස්කම් දිහා බලාගෙන කට කොනෙන් හිනාවුන ටේහියුන්ග් ඔහු ඇදගෙන ඉන්න ශර්ට් එකේ බොත්තම් එකින් එක පහලට ගලවන්න ගත්තෙ ජන්කුක්ට පිටුපාලා බිත්‍තිය දිහාවට හැරෙමින්...ටේහියුන්ග් ශර්ට් එකේ බොත්තම් ගැලෙවුවත් ජන්කුක්ට පෙනුනේ ඔහුට පිටුපාලා හිටගෙන ඉන්න ටේහියුන්ග් ගෙ පිටුපස විතරයි..
අදුරු කාමරය ආලෝකමත් වුනේ ජන්කුක්ගෙ අතේ තියන ෆෝන් ටෝර්ච් එකේ එලියෙන් විතරක් නිසා...අදුරෙ ටේහියුන්ග් ව ජන්කුක් ගෙ ඇස් වලට කැපිලා පෙනුනේ මායාවක් වගේ...
අදුරෙම මතු වෙලා අදුරෙම අතුරුදහන් වෙලා යන මායාවක්..
උරහිසෙන් පහලට වැටෙන්න ශර්ට් එක පහත් කරපු ටේහියුන්ග් ඔහු දිහා අදුරු ඇස් වලින් බලන් ඉන්න ජන්කුක් දිහා ඔලුව හරවලා බැලුවා.. ඒ ඇස් දිලිසෙනවා....ජන්කුක්ට ඔහු ලගට කතාකරනවා...