Comment goal 100
දුරකතනයක් කනේ තියන් පෙන්ත්හවුස් එකේ දොර ඉස්සරහා හිටගෙන ඉන්න ඔහු දිහා ටේහියුන්හ් බොදව ගිය ඇස් වලින් බලන් හිටියා..ටේහියුන්ගෙ ඇස් වල කදුලු පිරුනෙ දුකටවත් සතුටකවත් නෙවේ..මංමුලාවුන හැගීමකට. ටේහියුන්හ් ගෙ මුලු හිතම අමුතු බයකින් පිරිලා යද්දි පඩිපෙල පා මුල ගල් ගැසුනු ටේහියුන්ග් වෙවුලන හුස්මක් ඉහලට ගත්තා.
ටේහියුන්ගෙ සියුමැලි දිගු ඇගිලි ඔහු අතේ තියන දුරකතනය තදින් මිරිකගෙන ..ඔහු වේගයෙන් හුස්ම ගන්නවා..අවුරුදු තුනක් ටේහියුන්ගෙ ජීවිතේට යන්තම් හෝ ආලෝකයක් වුන පුංචිම පුංචි සැනසීම .ටේහියුන්හ් මේ තරම් කාලයක් සැනසීමක් නමින් හොයලා තියෙන්නෙ මිරිගුවක්ද?
තමන් වටා සිද්දවෙන කිසිමදෙයක් තේරුම් ගන්න බැරි තරම් ටේහියුන්හ් ගෙ හිත මංමුලා වෙලා..
"කොහොමද එහෙම වුනේ?"
ටේහියුන්ගෙ මුවින් එකම වචනයක්වත් පිට නොවුනත් ටේහියුන්හ් ගෙ මනස එකම ප්‍රශ්නය අහමින් හිස තුල කෑගැහුවා..මොහොතකට කලින් ඒ හිත තුල ගොඩනැගුනු බොලද ප්‍රාර්ථනා ටේහියුන්ගෙ හිතෙන් මැකිලා යන්න පටන් ගත්තෙ ටේහියුන්හ් ට උවමනා නොවුනත් උනු කදුලු වැලක් ඔහුගෙ ඇස් වලින් පහලට කඩන් වැටෙද්දි
"සප්‍රාඅයිස්ස්ස්ස්."
පෙන්ත්හවුස් එක ඉස්සරහ හිටගෙන ඉන්න ඔහු දුරකතනය කනෙන් මෑත් කරලා ටේහියුන්හ් දිහා බලලා හිනාවුනා .
"මම බලාපොරොත්තු වුනාටත් වඩා ටේහියුන්හ් පුදුම වෙලා."
හැගීම් හංගගන්න දක්ශ ටේහියුන්හ් ම අද කැඩපතක් වගෙ විනිවිදව පෙනෙද්දි ටේහියුන්හ් දිහා බලන් ඔහු එහෙම කිවුවා.
"ඉතින් ටේහියුන්හ් ?"
"අවුරුදු තුනක්.එහෙම නේද? අවුරුදු තුනක් තිස්සෙ ඔයා හොයපු කෙනා.. ඔන්න අද ඔයා ඉස්සරහටම ඇවිල්ලා ඉන්නවා.."
"ටේහියුන්ග්ට සතුටු නැද්ද?"
අත් දෙක දෙපැත්තට දික් කරලා හිනාවුන ඔහු ඔලුව ඇල කරලා ටේහියුන්හ් දිහා බැලුවා.
නමුත් ටේහියුන්හ් ගෙන් ඔහුට ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ..ටේහියුන්හ් තවමත් එකම තැන ගල් ගැහිලා.