Chapter 87

1.4K 300 336
                                    

Ps: චැප්ටර් එකේ සදහන් වෙලා තියන හැම කරුනක්ම සමහරවිට ඒ විදියටම හරි නැතුව ඇති. මොකද මට ඒ ගැන experience එකක් නැති නිසා මම දන්නෙ නැහැ. මම ඒත් මගෙ උපරිමයෙන් උත්සහ කලා.

Comment goal 100
____________________________________

රෝස මල ආසම ඇඹුල් අඹ කඩන් එන්න ජන්කුක් කැලෑවට ගියත් මොහොතක් ගත වෙද්දි කොතනක හරි වැරැද්දක් තියන හැගීමක් ඔහුට දැනුනා. කඩාගත්ත අඹ ගෙඩි ටික විතරක් වට්ටියට දාගත්ත ජන්කුක් නිවස බලා වේගයෙන් දුවන් ආවේ කිසිම හේතුවක් නැතුව.

එහෙම දුවන් ආව ජන්කුක්ගෙ ඇස් ඉස්සරහා ටේහියුන්ග් අර විදියට හිටන් ඉද්දි ජන්කුක්ගෙ මුලු ලෝකයම එක තැන නතර වෙලා ගියා.

"මගෙ මැනිකෙ."

අතේ තියන අඹ වට්ටිය බිමට අතෑරිය ජන්කුක් ඔහු දිහා බලන් ඉකිගහන ටේහියුන්ග් ලගට දුවන් ගියේ ජන්කුක්ගෙ ඇස් වලත් ඉබේටම කදුලු පිරෙද්දි.ටේහියුන්ග් ලගට දුවන් ආව ගමන් ජන්කුක් ටේහියුන්ග් ව හරහට උස්සලා වඩාගත්තා. කලබලයෙන් පඩිපෙල බහින්න ගත්ත ජන්කුක් ටේහියුන්ග්වත් අරන් ඉක්මනින්ම කාර් එකට දුවන් ගියත් ජන්කුක්ගෙ ශර්ට් එක ගුලි කරලා අල්ලගත්ත ටේහියුන්ග් වේදනාවෙන් කෑගැහුවා.

"එපා. එපා. ඔහොම නතර වෙන්න. ජන්කුක් මාව උඩට එක්ක යන්න."

නමුත් ටේහියුන්ග් කියන දෙයකට ඇහුම්කන් දෙන්නවත් ජන්කුක් මේ වෙලාවෙ සූදානම් නැහැ.

"ජ.න්.කුක්. මාව උඩට අරන් යන්න."

වේදනාවෙන් මිරිකෙමින් ටේහියුන්ග් තවත් වතාවක් උත්සහ කලා.

මේ වතාවෙත් ජන්කුක් ටේහියුන්ග් කියන දේකට ඇහුම් කන් දෙන්න සූදානම් නැහැ. ටේහියුන්ග්ව වඩාගෙනම කාර් එකේ යතුර කලබලෙන් හොයන ජන්කුක්ගෙ කම්මුල මතින් අත තිබ්බ ටේහියුන්ග් ජන්කුක්ගෙ මුහුන ඔහු වෙතට හරවගත්තා.

වේදනාවත් එක්ක සටන් කරන ටේහියුන්ග් ගෙ ඇස් සමග කදුලු පිරුනු ජන්කුක් ගෙ ඇස් එකිනෙකට ගැටෙද්දි ජන්කුක්ගෙ නලල මතින් ටේහියුන්ග් ඔහුගෙ නලල තියාගත්තා.

"මට ජීවත් වෙන්න ඕනෙ ජන්කුක්."

ටේහියුන්ගෙ මේ වචන ටික මේ තරම් වෙලාවක් කලබලයෙන් හිටිය ජන්කුක්ගෙ අවදානය ඔහු වෙතට ගත්තා.

Stolen Love Where stories live. Discover now