Chapter 93

1.1K 284 363
                                    

Comment goal 100


පයින් අතුවල වසා හිටිය කුරුල්ලන් පයින් වනය අත්හරිමින් සුදු මීදූම් වලා පටලයට පියඹමින් ඈත අහසෙ නොපෙනී ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පයින් අතුවල වසා හිටිය කුරුල්ලන් පයින් වනය අත්හරිමින් සුදු මීදූම් වලා පටලයට පියඹමින් ඈත අහසෙ නොපෙනී ගියා. සිද්දවෙන්න යන මහ විනාශය සියැසින් දැකගන්න කුරුල්ලන්ට ඕනෙ කලත් කුරුල්ලන්ගෙ ආශාවට තරවටු කරපු පයින් වනය ඔවුන්ව ඈත අහසට පිටමං කර හැරියා.

මහ භූමියට පෙම් බැදි සුන්දර නිල් අහස වියරු වැටුන මහ කාලියක් බවට පත් වෙලා.

පෙරනිමිති පෑ  කුනාටුව ටිකෙන් ටික පයින් වනය ගිලගන්න පටන්ගෙන. අහස උසට නැගි රූස්ස පයින් ගස් හුලං හමන දිශාවත් සමග සටන් කරනවා. සම්පූර්ණ පයින් වනාන්තරයම මහ යුධ පිටියක් බවට පත් වෙලා.මොහොතකට පෙර නිස්කලංකව පැවති පයින් වනාන්තරය දැන් කුණාටුවක උදහසට හසු වෙලා.

පයින් වනාන්තරයෙ හිසට ඉහලින් නැගි, අඳුරු වලාකුළු පයින් වනාන්තරය මත අදුරු භයංකාර සෙවනැලි මවනවා. වියරු වැටුන අහස හුලගත් සමග පයින් වනය හොයන් ඇවිල්ලා. පොලවේ සිද්ද වුන අසාදාරනයන්ට  ප්‍රතිඋත්තර ඉල්ලමින් ආකාස හුලං වියරුවෙන් කෑගසනවා.

පළමු හුලං රැල්ල ලා කෙඳිරිල්ලක් මෙන් පයින් වනය වෙත පැමිනියත් කුණාටුව වේගවත් වන විට, එම මෘදු හඩ විලාප තබමින් වියරු දෝංකාරයන් බවට පරිවර්තනය වුනා. අනුකම්පා නොමැති චන්ඩ හුලං මැද පයින් ගස්හි අතු පහලට නැමුනා, වියරු හුලග මැද දෙපැත්තට පැද්දෙමින් වියරු වැටුන අහසින් සමාව යැද්දා, ප්‍රේමනීය  අහසත් මහ පොලවත් මධ්‍යයෙහි සිද්දවුන හැම අපරාදයකටම
පලිගන්න පොරොන්දු වෙමින් වියරු අහස යට බැගෑපත් වුනා.

පලිගැනීමෙ බිලිපූජාවේ බෙර වාදනය පටන් ගත්තාක් මෙන් කුඩා බෙර දහසකගෙ හැඩරුව ගත් පුංචි වැහිබිදු පයින් වනය මතට කඩා වැටෙන්න පටන් ගත්තා.එයින් නැගෙන ශබ්දය අදුරු වනයෙ මූසල බියකුරු බව තව තව වැඩි කලා.

Stolen Love Where stories live. Discover now