Chapter 18

1.4K 370 283
                                    

Comment goal 100

අදුරු ලිවින් රෑම් එක සැරෙන් සැරේ විවිද ආලෝකයන්ගෙන් ආලෝකමත් වෙද්දි  දැල්වෙන රෑපවාහිනියෙ  චැනල් දිගින් දිගටම මාරු වුනා.

අදුරෙම සෝෆා එක මත දිගෑදිලා ඉන්න ජන්කුක් කම්මැලි කමෙන් ටීවි එක දිහා බලන් හිටියෙ ඈනුම් කීපයක්ද පිට කරමින්..
සෝල් වලදි වින්ද ජීවිතේ ජේජු වල ගත කරන්න නැති නිසා ජේජු ජීවිතෙ ටිකෙන් ටික ජන්කුක් ට කම්මැලි වෙන්න පටන් අරගෙන.

උදේ ඉදන් රෑ වෙනකන් ඔහේ දවස ගෙවලා දාපු ජන්කුක් කරන්න දෙයක් නැති කමටම ටීවි එක ඉස්සරහ වාඩි වෙලා හිටියා. ටීවි චැනල් එකින් එක මාරු කලත් ඒවගෙත් බලන්න තරම් ඉන්ට්‍රස්ටින් දෙයක් හම්බුනේ නැති තැන රිමෝට් එක පැත්තකට විසි කරපු ජන්කුක් සෝෆා එකේ වැතිරිලා ඉද්දිම සිවිලිම දිහාට ඇස් හරවගත්තා.

ජන්කුක්ගෙ මනස සිතුවිලි වලින් පිරිලා..ඔහුට ඒක වදයක් වෙලා..එකිනෙකට නොගැලපෙන සිතුවිලි රාශියක් ජන්කුක්ගෙ මනසට වද දෙනවා...ජේජු ජීවිතේ කම්මැලි කියන සිතුවිල්ලෙන් අනෙක් සිතුවිලි සියල්ල යට ගහගන්න ජන්කුක් කොයිතරම් උත්සහ කලත් ඒක සාර්ථක උත්සහයක් නෙවෙයි.



"හෙලෝ"


පුංචි හුරතල් කටහඩ ආයෙ ආයෙම ජන්කුක් ගෙ හිස තුලින් ඔහුට ඇහෙද්දි ජන්කුක් නොසතුටින් හුස්මක් පිට කලා...
අදුර ආලෝකයට හරවමින්  ආයෙමත් අදුරු වුනා....වාහනයක දොර ඇරිලා වැහෙන සද්දය ඇහෙද්දි ඇස් කොනෙන් දොර දිහා බැලුව ජන්කුක්ගෙ තොල් අග ඇදුනෙ කපටි හිනාවක්.


වාහනෙන් බැස්ස ටේහියුන්ග් දිහා ජන්කුක් උවමනාවෙන් බැලුවත් පෙන්ත්හවුස් එක තුලට ඇවිදන් ආපු ටේහියුන්ග් ඔහු දිහා බලන් ඉන්න ජන්කුක්ව දැක්කත් ඔහුව නොදැක්ක ගානට පඩිපෙල දිහාවට හැරිලා පඩි නගින්න ගත්තා..






ටේහියුන්ග් එක්කම ඔහුගෙ පසුපසින් පෙන්ත්හවුස් එකට ඇතුල් වුන යුන්ගි ඔහුව   පහු කරමින් ඇවිදන් යනවා  දකිද්දි  ජන්කුක්ට පුලුවන් කමක් තිබුනෙ නැහැ කට පියාගෙන ඉන්න.

ටේහියුන්ග් නොපෙනී යනකන් බලන් හිටිය  ජන්කුක් යුන්ගි දිහා බලන්නෙවත් නැතුව  ඕනෙවට එපාවට වගේ කිවුව කතාව පඩි නගිමින් හිටිය යුන්ගිව මගින් නතර කෙරෙවුවා..

Stolen Love Where stories live. Discover now