"ඔයාට හොදටම විශ්වාසද නූනා."
නිල් කොල පැහැ පරිසරය දිහා භාවනා කරන්න මෙන් බලන් ඉන්න හියුජින් හෝසොක්ගෙ හඩ ඇහෙද්දි ඔහු දිහා හැරිලා බැලුවා.
හියුජින්ගෙ ඇස් හෝසොක්ගෙ ඇස් හා එකට ගැටෙද්දි තොලට තොල හපාගත්‍ත හෝසොක් හිස බිමට හරවගත්තා.හියුජින්හෙ දෑස් දිහා කෙලින් බලන්න හයියක් හෝසොක් ලග තිබුනෙ නැහැ.
පොඩි දරුවෙක් මෙන් ඇබුල් කරගත්ත මුහුනින් බිම බලන් ඉන්න හෝසොක්ව දකිද්දි හියයුජින්ගෙ මුහුනෙ පුංචි හිනාවක් ඇදුනා. රෝද පුටුව පදවන් හෝසොක් ලගට ආව හියුජින් හෝසොක්ගෙ අත මතින් ඇගේ අත තිබ්බා.
සිනිදු සියුම් ස්පර්ශයක් අත මතින් දැනෙද්දි හෙමින් හිස ඔසවපු ඔහු දිහා දැනටමත් බලන් ඉන්න හියුජින්ගෙ දෑස් වලින් පැනයමින් අවට පරිසරය පුරා දෑස් රැගෙන ගියා. මුරන්ඩු කදුලු කොයිතරම් හියුජින්ගෙන් වහගන්න හෝසොක් උත්සහ කලත් ඇස් පියන් තෙමමින් ඇස් වලින් පහලට කඩන් වැටෙන කදුලු වැල් හෝසොක්ට ද්‍රෝහි වුනා.
හිසොක් තදින් ඇස් පියාගත්තා. හියුජින් ලගින් දනගහගත්ත හෝසොක් ඇගෙ ඔඩොක්කෙ මතින් හිස තියාගත්තා.
"නූනා කොහොමද එහෙම කියන්නෙ .නූනා කොහොමද නූනගෙ හිත හදාගන්නෙ."
"ඒ ඉන්නෙ නූනගෙ අහිංසක ජීවිතය විනාශ කරලා දාපු තිරිසනුන්න්ගෙන් එක තිරිසනෙක්. "
හියුජින්ගෙ දෑසින් වෙනුවට හෝසොක්ගෙ දෑසින් කදුලු කැට කඩන් වැටෙද්දි හියුජින්හෙ තොල් අග සෙනෙහෙබර පුංචි හිනාවක් ඇදුනා.හෝසොක්ගෙ හිස මතින් අත තිබ්බ හියුජින් ඔහුගෙ හිසට හෙමින් හෙමින් තට්ටු කලා.
"නූනා දන්නවා හෝසොක්.නූනා දන්නවා."
"එහෙනම් කොහොමද? කොහොමද ඒ නරුමයට සමාව දෙන්න නුනා හිත හදාගත්තෙ."
"ටේහියුන්ග් ඌට වෙඩි තිබ්බත් එදා ඌ මැරුනෙ නැහැ.මමයි එදා උගෙ ජීවිතේ බේරගත්තෙ.ජන්කුක්ට ඕන කලා ඌව ජීවත් කරවන්න. හේතුවක් නැතුව නිරපරාදෙ අහිංසකයෙක්ට ටේහියුන්ග් වෙඩි තියන්නෙ නැහැ කියලා ජන්කුක්ගෙ හෘද සාක්ශිය පවා එදා විශ්වාස කලා. හැම ඇත්තකම සුල මුල හොයාගන්නකම් ජීචන්ග්ව ජීවත් කරවගන්න ජන්කුක්ට ඕන කලා.