Chapter 24

1.4K 345 360
                                    

Comment goal 100


නගරෙන් ගොඩක් දුර ඈත ස්වභහදහම් මාතාවගෙන් ආශිර්වාද ලත් එක  පුංචි ගමක් තිබුනා...මේ ගමේ චූටිම චූටි පුංචි හුරතල් කොල්ලෙක් ජීවත් වුනා. ඔහු හරි අහිංසකයි හැබැයි ඒ අහිංසක කමටම ගැලපෙන හුරතලාටම ආවේනික දගකාරකමක් හුරතලාට පිහිටලා තිබුනා.

සුන්දර ස්වභදහම ජීවිතේ කොටසක් කරගෙන ජීවත් වුන හුරතලා ලෝකෙ දැක්කෙ ඔහු වටා තිබෙන සුන්දරත්වය තුලින් මිසක් විසකුරු මිනිසුන් තුලින් නෙවෙයි..
ඔහු ජීවත් වෙන ගමෙන් ඈත දුර නගරෙ ජීවත් වෙන විසකුරු මිනිසුන් ගැන පුංචි කොල්ලට පුංචිම අදහසක්වත් තිබුනෙ නැහැ..

පුංචි හිත සීමාවුනෙ සුන්දර කැලෑවටයි ඔහුගෙ පුංචි පවුලටයි විතරයි..පුංචි ඇස් ලෝකෙ දැක්කෙ ඔවුන් තුලින් පමනයි.

හිස තියන් නිදියන්න උනුසුම් උකුලක්,පුංචි කොල්ලගෙ ඔම්මා..

කරේ තියන් කැලේ ඇවිදින්න ශක්තිමත් උරහිසක් ,පුංචි කොල්ලගෙ හියුන්ග්..

දග වැඩ කලාම බේරගන්න සෙසෙනහස පිරුනු හදවතක් ,පුංචි කොල්ලගෙ නූනා..




හුරතලාගෙ පුංචි ගෙදර පිහිටලා තිබුනෙත් ඔවුන් ජීවත් වෙන ගමෙ කෙලවරට වගේ වෙන්න.ඉතින් පුංචි පවුල හැරෙන්න හුරතලාට වෙනත් යහලුවො හිටියෙත් නැහැ..හිටියා..හැබැයි පුංචි හුරතලාගෙ බාශාව තේරන යාලුවො නම් නෙවෙයි..ඔහු දගයෙක්..හුරතල් පුංචි දගයෙක්..නපුරු ලෝකෙ ගැන මුකුත්ම නොදන්න අහිංසකයෙක්..

නිදහස් හුලගත් එක්ක ස්වභහදහම ජීවිතේ කරන් ජීවත් වුන හුරතලෙක්..

මෙහෙම ජීවත් වුන ඔහුට එකමත් එක දවසක අමුත්තෙක් හම්බෙනවා..පුංචි හුරතලා නොදන්න දුර ඈත පිහිටලා තියන නගරෙන් ආව අමුත්තෙක්..අලුත් අලුත් දේවල් ඉගෙනගන්න පුංචි හිත කුතුහලෙන් පිරිලා ගිහිල්ලා..පුංචි හොර ඇස් හියුන්ගෙ අස්සෙ හැංගිලා අමුත්තා දිහා එබිලා බැලුවා.

හුරතලා නම් අමුත්තා  දැක්ක පලවෙනිම දවසින් ඔහුට බොහොම කැමති වෙනවා..හැබැයි නගරෙන් ආව අමුත්ත  නම් ටිකක් විතර වස පුද්ගලයෙක් ...ඒත් කුතුහලේ පිරුනු පුංචි හිත නපුරු අමුත්තට බය වෙනවද? අහිංසක හිත නපුරගෙ නපුරු කම් වලට බය නැහැ..

Stolen Love Where stories live. Discover now