Chapter 11

1.5K 367 159
                                    

Comment goal 100

"පුංචි බේබි ඔය හොදටම ඇති... "

"ඕහ් මයි.... ලිට්ල් කැට්..ඔයා එහෙනම් ආවා...."


විවිදාකාරයෙ සංගීතයන්ගෙන් පිරුනු ක්ලබ් එකේ බාර් කවුන්ටර් එක ලග ඉදගෙන විස්කි වීදුරුවක් තොල ගාමින් ඉන්න ජිමින්ගෙ තොල් අග ඇදුනේ හිනාවක්...
මේ තරම් වෙලාවක් ඔහු බලාපොරොත්තුවෙන් හිටිය කටහඩ ඔහු ලගින් ඇහෙද්දි කටහඩේ අයිතිකාරයා දිහා ඇස් උස්සලා බැලුව ජිමින් ලස්සනට හිනාවුනා..

හොදටම මත් වෙලා ඉන්න ජිමින්ගෙ හිනාව දිහා හැගීමකින් තොර ඇස් වලින් බලන් හිටිය යුන්ගි සාක්කුවට අත දාලා ගත්ත සල්ලි කොල ටිකක් කවුන්ටර් එක උඩින් තිබ්බා...

"අපි ගෙදර යන්න ඕනෙ පුංචි බේබි.."

යුන්ගි බලන් ඉද්දිම අතේ තියන විස්කි වීදුරුව හිස් කරපු ජිමින් යුන්ගිට පේන්න වීදුරුව අනෙක් අතට හරවලා පෙන්නලා තවත් විස්කි ටිකක් වීදුරුවට පුරවගත්තා...

මත් ගතියෙන් දිගින් දිගටම හිනාවෙන ජිමින් පුරවගත්ත අනෙක් විස්කි වීදුරුවත් එක පාරින් හිස් කරලා දැන්මා..

"බොස් බලන් ඉන්නවා.."

පුරවගත්ත තවත් විස්කි වීදුරුවක් තොල ලගට ලං කරගත්ත ජිමින්ගෙ අතින් අල්ලලා නතර කරපු යුන්ගි එහෙම කිවුවේ යුන්ගි දිහාත් විස්කි වීදුරුව දිහාත් ජිමින් මාරුවෙන් මාරුවට බලද්දි..

ම්ම්ම්ම්ම් අප්පාද? නැත්තම් විස්කිද?

යුන්ගි අල්ලන් ඉන්න විස්කි වීදුරුවටත් යුන්ගිටත් ඇගිල්ල මාරුවෙන් මාරුවට දික් කරමින් ජිමින් දහය විස්ස ගනන් කරන්න පටන් ගත්තා.


සීය....ඌප්ස්...

සීය කියමින් යුන්ගි ලග නතර වුන ඇගිල්ල දිහා බලාගෙන හිනාවුන ජිමින් හිනාවෙවීම යුන්ගි පපුවට ඇගිල්ලෙන් ඇන්නා..


"ලිට්ල් කැට් පරාද වුනානෙ.අපරාදෙ ගේම් එක පටන් ගන්නත් කලින් ලිට්ල් කැට් අවුට් වෙලා ගියා....
කමක් නැහැ ඕවා මොනාද අමතක කරලා දාන්න ලිට්ල් කැට්."


Stolen Love Where stories live. Discover now