Chapter 86

1K 284 246
                                    

Comment goal 100

සුප් බන්දේසියක් උස්සන් එන ජන්කුක්ව ඈත තියා දකිද්දිම ටේහියුන්ග් ඔහුගෙ බ්ලැන්කට්  අස්සෙ හැංගුනා.ටේහියුන්ග් ඔහුව දැකලා හැංගෙනවා  ජන්කුක් දැක්කත් ඒ බවක් දැක්කෙ නැහැ වගේ කාමරයට ඇවිදන් ආව ජන්කුක් සීරියස් මුහුනක් හදාගෙන ඇද උඩින් ඉදගත්තා.

" කෝ මගෙ ඒස්‍රා .දැන් හිටියනෙ මෙතන. "

" ගාර්ඩ්න් එකටවත් ගියාද? ම්ම්ම්ම්"

" අනේ මන්දා මේ දරුවා මම කියන දෙයක් කවදා අහයිද?"

නිකට යටින් අත තියන් කල්පනා කරමින් ටේහියුන්ග්ව පේන්නෙ නැහැ වගේ රගපාපු  ජන්කුක් සුප් බන්දේසිය පැත්තකින් තියමින් කාමරයෙන් එලියට ගියේ හොර බෝල ඇස් දෙකක් රෝස තොල් හපන් ජන්කුක් දිහා බලන් ඉද්දි. ජන්කුක් කාමරයෙන් යන්න  යන අඩිහඩ ඇහෙද්දි බ්ලැන්කට් අස්සෙ හැංගිලා හිටිය ටේහියුන්ග් බ්ලැන්කට්  එක පහත් කරමින් හොර පූසෙක් වගේ බෝල කරගත්ත ඇස් වලින් එලියට එබුනා.ටේහියුන්ගෙ බෝල කරගත්ත දිගටි දුබුරු ඇස් කුතුහලයෙන් දිලිසෙනවා.

ටේහියුන්ග් බ්ලැන්කට් අස්සෙ හැංගුනත් බෝලයක් වගේ ඉන්න ටේහියුන්ග් ට එහෙම ජන්කුක්ගෙ ඇස් වලින් හැංගෙන්න බැහැ. ඉතින් ඇයි ජන්කුක්  තමන්ව දැක්කෙ නැහැ වගේ කාමරයෙන් යන්න ගියේ.රෝස තොල් එකිනෙකට හපාගෙන කාමරය පුරා ඇස් අරන් ගිය ටේහියුන්ග් ඇද උඩ ඉන්න බනී ටෙඩි බෙයාට අතින් එකක් ගහලා ඇදෙන් බිමට දැන්මා.

අනේ ඉතින් බනී හබීගෙ වැඩ වල බනී ටෙඩී වගකියන්න එපැයි.වචන අඩුවෙන් කතාකලත් ජන්කුක්ගෙ රෝස බෝලේ දවසින් දවස මුරන්ඩු වෙන එකේනම් අඩුවක් නැහැ.රෝස තොල් පිට පෙරලෙද්දි අත් දෙක පපුවට බැදගත්ත ටේහියුන්ග්  සුප් බන්දේසිය දිහා රවාගත්ත  ඇස් වලින් බැලුවේ  පිරුනු රෝස කම්මුල් ලා රතු පාටට හැරවෙද්දි.

මෙහෙම  ටික වෙලාවක් මූන ඇද කරගෙන ඉන්න ටේහියුන්ගෙ ඇස් කාමරයට ඇතුල්වෙන දොර වෙත යොමුවෙන්නෙ දොර ඉස්සරහින් කවුරුහරි ඉක්මනින් ඇවිදන් යනවා වගේ ඔහුට දැනුන නිසා.

ඇස් උස්සලා කුතුහලෙන් දොර දිහා බැලුව ටේහියුන්ග් බ්ලැන්කට් එක ඉවත් කරමින් හෙමින් ඇදෙන් බිමට බැස්සා. හීනි අඩි තියමින් කාමරයෙන් එලියට ඇවිදන් යන්න ගත්ත ටේහියුන්ග් කාමරයෙ දොර වෙතම ඇවිදන් ආවා. දොර වෙතට ඇවිදන් ආව ටේහියුන්ගෙ ඇස් පුදුමයෙන් ලොකු වෙද්දි ඉබේටම ඔහු අඩි දෙක තුනක් පස්සට ගමන් කලා .

Stolen Love Where stories live. Discover now