Comment goal 150
අවසන් ලියකියවිල්ලෙත් සීල් එක තිබ්බ ටේහියුන්ග් ඔහු ඉදගෙන හිටිය පුටුවෙන් නැගිට්ටා. ටේහියුන්ග් පුටුවෙන් නැගිට්ට ගමන් උමතු වැටුන හන්ග් තන්හාවෙන් ලියකියවිලි සියල්ලක්ම එකතු කරගනිමින් පපුවට තුරුලු කරගනිමින් ලියකියවිලි සියල්ල ටේහියුන්ගෙ ඇස් වලින් හංගගන්න උත්සහ කලා. ඔහුගෙ හැසිරීම උමතු වැටුන උන්මතකයෙක්ට නොදෙවෙනි නැහැ. ඔහුගෙ නලලෙ දෙපැත්තෙන් දහඩියෙ බිදු පහලට ගලන් යනවා. විසල් කරගත්ත ඇස් වල කලු ඉංගිරියාව වේගයෙන් මාලිගය පුරා ඒ මේ අතට ගමන් කරනවා. කවුරුන් හෝ පැමින ඔහුගෙන් ලියකියවිලි උදුරගනී කියලා බියෙන් මෙන් හන්ග් දිගින් දිගටම ලියකියවිලි ඔහුගෙ පපුව තුරුල කරගනිමින් ලියකියවිලි හංගගන්න උත්සහ කරනවා.
හන්ගෙ මේ හැසිරීම දිහා ටේහියුන්ග් බලන් හිටියෙ හිස් බවින් පිරුනු ඇස් වලින්. ටේහියුන්ගෙ මුහුනෙ පුංචිම හැගීමක්වත් ඇදිලා නැහැ.
"අවසානයෙදි උබ පරාද වුනා ජියොන් හන්සන්ග්. උබව මම පරාද කලා. උබේ ලේ ,උබේ මහ ලොකු උරුමක්කාරයා නැට්ට අකුල ගත්ත බලු පැටියෙක් වගේ මගෙ කකුල් දෙක ලගට ඇවිදන් ආවා. උබ රැක්ක හැම උරුමයක්ම මගෙ නමටම ලියලා දුන්නා."
"මගේ විතරයි.මගෙම විතරයි. හැමදෙයක්ම මගෙම විතරයි."
හයියෙන් හිනාවෙමින් හන්ග් තනිවම කියවනවා. ඔහු හැසිරෙන්නෙ ඔහු මායාවක් තුල ජීවත් වෙනවා වගෙයි.
"මරලා දැන්මා මම උබේ මින් යුන්ගිව. සතෙක් වගේ ඌ මගෙ කකුල් දෙක ලග වැටිලා හිටියා. මට විරුද්දව මං ඉස්සරහ හිටගත්ත ඒ කකුල් දෙක තමා මම මුලින්ම කඩලා දැන්මෙ."
" මම උබ වගේ නෙවෙයි හන්සන්ග්. උබට පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇන්න උබේ උන්ට උබ සමාව දුන්නත්. මම එහෙම කරන් නැහැ. එකෙක් නෑර මම මරලා දැන්මා.උබ වගේ දුර්වලයෙක් නෙවෙයි මම."
යුන්ගි මියයනවාත් එක්කම තමන්ගෙ පුංචි පුතත් මේ ලෝකයෙන් යන්න ගිහින් කියන ඇත්ත ජියොන් හන්ග් දැනගෙන හිටියෙ නැහැ.දුර්වල නැති මිනිස්සු මේ ලෝකයෙ නැහැ. හැම මනුස්සයෙක් ලගම එකම එක හෝ දුර්වලතාවයක් තියෙන්න ඕනෙ. ජියොන් හන්ග් නුත් ඒ වගේම මනුස්සයෙක් දේපල තන්හාවට අමතරව ඔහු ලග තවත් එක දුර්වලතාවයක් තිබුනා.