Chapter 82

956 258 176
                                    

Comment goal 100

"මගෙ පුතා. මගෙ ජිමින්."

ඈතින් හිටගෙන හන්ග් දිහා බලන් හිනාවෙන ජිමින් වෙතට හන්ග් දුවන් ගියා. හන්ග්ව පහු කරමින් වීදි පාරෙ ඇවිදන් යන මිනිසුන්ගෙ ඇගේ වැදෙමින් වරෙන් වර හන්ග් බිම ඇද වැටුනත් , වැටෙන හැම වතාවකම ඔහුගෙ පිලිස්සුන තුවාල කාශ්ඨීය පොලව මත නැවත නැවත අලුත් වුනත් අද ඒ වේදනාවන් කිසිවක් හන්ග්ට දැනුනෙ නැහැ.

ශාරීරික වේදනාව නොදැනෙන තරමට මානසික වේදනාව හන්ග්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමලා. ජියොන් මාලිගාව ටේහියුන්ගෙ ගින්නෙන් අලු බවට පත් වෙද්දි ජියොන් හන්ගෙ ගෞරවයත් , ජියොන් හන්ගෙ දේපලත් ,ජියොන් හන්ගෙ උරුමයත් සම්පූර්ණයෙන්ම දැවිලා ගිය අලු ගොඩක් බවට පත් වුනා.

වීදි පාරක ජීවත් වුන හන්ග් හන්සන්ගෙ අතින් අල්ලන් ජියොන් මාලිගයට ඇවිදන් ගියා. හන්සන්ග් හන්ගෙ අත තදින් අල්ලන් ඉන්නකන් ජියොන් මාලිගය තුල හන්ගෙ සැනසීම රැදිලා තිබුනා. හෙවනැල්ලෙක් මෙන් ඔහු හැම දවසකම හන්ග් පසුපසින් හිටගත්තා. අතීතයෙ හන්ග් නොදන්න ගොඩක් පරිච්ඡේදයන්හි හන්ග්ව විනාශ කරන්න පැමිනි මාරකයන් හන්ගෙ දෑස් සීමාවට පැමිනෙන්නත් කලින් හන්සන්ග් විනාශ කරලා දැන්මා. නමුත් හන්ග් හන්සන්ගෙ අත උවමනාවෙන්ම අතහැරිය ඒ මොහොතෙ දෛවය අලුත්ම පරිච්ඡේදයක් හන්ග් වෙනුවෙන් ලියන්න පටන් ගත්තා. කාලය බොහෝදුරට ගෙවිලා ගියත් අකුරෙන් අකුර නොනැවතීම දෛවය  ඔහු වෙනුවෙන් එය ලියන්න පටන් ගත්තා.

එක පුංචිම මතකයක්වත් අතහරින්න දෛවය සූදානම් වුනේ නැහැ. කරපු පවු ඔහුව හොයන් එන්නම අවශ්‍යයි.සියල්ල පටන් ගත්ත දැනට ඔහු නැවතත් ඇවිදන් යන්න අවශ්‍යමයි.

වීදි පාරක ජීවත් වුන හන්ග් ජියොන් මාලිගයෙ කුමාරයෙක් බවට පත් වුනා.

වීදි පාරක ජීවත් වුන හන්හ් කොරියාවෙ අගමැති ධූරයට පත් වුනා.

වීදි පාරක ජීවත් වුන හන්ග් ජියොන් පරම්පරාවෙ සම්පූර්ණ ගෞරවය ඔහු සතු කරගත්තා.

දෛවය ඔහු වෙනුවෙන් ලස්සනම පරිච්ඡේදයක් ලියමින් හිටියත් හන්ග් විසින්ම ඒ සියල්ලක්ම විනාශ කරගත්තා.

Stolen Love Where stories live. Discover now