Chapter 54

1K 345 774
                                    

Comment goal 200
Vote goal ? ඔයාලට දෙන්න පුලුවන් තරමක් මට දීලා යන්න💞.



ගැබුරු හිස් ආගාදයකි ඒ ඇස්. රැදුන අවසන් පුංචි ආලෝකයත් හොර රහසේම නොකියා නිවී ගිහිල්ලා. ඉදිමුනු රතු ගැහුනු පුංචි දිගටි ඇස් අගින් උනු කදුලු වැලක් කඩන් වැටෙද්දි හමන් ආව සීතල හුලගක් ඔහුගෙ ගතේ දැවටෙමින් ඔහුව සනසන්න උත්සහ කලා.



"මේ ඉන්නෙ පවුකාරයෙක්ගෙ දරුවෙක් ටේහියුන්ග්. "
"මේ දරුවා මැරුනෙ නැත්තම් මට මගෙ ආදරය නැති වෙනවා.මට බැහැ. මට බැහැ මගෙ ආදරයට මැරෙන්න දෙන්න."

"ඔයාව විනාශ කරපු පවුකාරයගෙම දරුවා වෙනුවෙන්  හියුන්ගෙ ජීවිතෙ බිලිදෙන්නද ඕනෙ?ඔයා කොහොමද එහෙම කරන්නෙ ටේහියුන්ග් ? මට මගෙ ජැක්සන් හියුන්ගෙ ජීවිතය හැමදේකටම වඩා වැදගත් නැද්ද ඔයාට. මං තරම්වත් ඔයා හියුන්ග්ට ආදරෙ නැද්ද?"

"ආශිර්වාදයක් නෙවෙයි මේ.පවුකාරයෙක්ගෙ ලෙයින් උපන් තවත් පවුකා.."


ගැහෙමින් හඩාවැටෙන ජිමින් ටේහියුන්ග් දිහා බලන් ආවේගයෙන් දුකෙන් කෑගහන් ගියත් ඔහු කියන්න ගිය වචන පෙල සම්පූර්ණ කරන්නත් කලින් ටේහියුන්ග් ඔහුව වෙවුලන අතකින් පස්සට තල්ලු කරලා දැන්මා.

"මගෙ පැටියා.මගෙ පැටියා පවුකාරයෙක් නෙවෙයි."

ටේහියුන්ගෙ රතුගැහුන ඇස් ජිමින් දිහා බලන් වේදනාබරව මුමුනද්දි ජිමින් ඔහු හිටිය තත්වයෙන් ටික ටික එලියට ආවා.


"ටේ...ටේහියුන්ග්. මට.සමාවෙන්න. මම .මම හිතලා නෙවෙයි එහෙම කිවුවෙ. ඒත් මං දිහා ඔහොම බලන්න එපා.
මගෙ තැන ඔයා හිටියනම් මොකද කරන්නෙ. ඒ මගේ ආදරය ටේහියුන්ග් . මගෙ මුලු ජීවිතේම එයා. බැදීමක් නැති මේ දරුවා වෙනුවෙන් මට බැහැ මගෙ ආදරය මරාගන්න."


පුංචි දරුවව පපුවට තුරුලු කරන් ඉන්න ටේහියුන්ගෙ ඇස් වලින් පහලට කදුලු වැලක් කඩන් වැටුනේ ඔහු වටා සිද්දවෙන මේ සියල්ලම මායාවක් මෙන් හැගීමක් ඔහුට දැනෙද්දි.මොහොතකට කලින් ඔහු දිහා පුංචි ඇස් බෝල කරන් බලන් හිටිය සුරංගනාවි  ඉක්මනින්ම දීර්ග නින්දකට වැටිලා.වේදනාවත් තෙහෙට්ටුවත් නිසා ජිමින්ගෙ තුරුලෙ ටේහියුන්ග් ට මොහොතකට නින්ද ගියා. විනාඩි කිහිපයක නින්දෙදි ඔහු එය දැක්කා.

Stolen Love Where stories live. Discover now