Chapter 55

1.1K 325 401
                                    

Comment goal 100

හාත්පසින්ම වැටුන අදුර මෝටර් රථයක ලයිට්ස් මගින්  ආලෝකමත් වෙනවා. පටු මාර්ගය  දිගේ ඉදිරියට ඇදෙන  මෝටර් රථයේ වේගය සුදු පැහැති බෝර්ඩ් එකක් ලගදි අඩු වෙන්නෙ   මෝටර් රථයේ ඉදිරිපස අසුනෙ ඉදගෙන ඉන්න  ඔහු ඒ දිහා බලන් බර සුසුමක් පිට කරද්දි.

අවසානයෙ ඔවුන් පැමිනියා.වසර ගනනාවක වැලලුනු අතීතයක සුන්දර මතකයන් එකතුවුන  ඒ තැනට ඔහු ඔහුව එක්කරගෙන ආවා.




"ටේහියුන්ග් නැගිටින්න. අපි දැන් ගොඩක් ලං වෙලා ඉන්නෙ. "


මෝටර් රථයේ වීදුරුවට ඔලුව තියන් නිදියගෙන  ඉන්න ටේහියුන්ගෙ උරහිසට හෙමින් තට්ටු කරමින් ටේහියුන්ග්ව අවදි කරපු ජන්කුක් හෙමින් ඇසි පිය ගහමින් අවදි වෙන ටේහියුන්ග් දිහා පුංචියට හිනාවෙමින් බලන් හිටියා .නමුත් ටේහියුන්ග් සම්පූර්ණයෙන්ම අවදි වෙද්දි ඉක්මනින්ම ඉස්සරහ බලාගත්ත ජන්කුක් උගුර පාදමින් සීට් එක කෙලවරේ තියන වතුර බෝතලේ අතට ගත්තා.

"මේකෙන් මූන ටිකක් හෝදගන්න.."




පෙනුමෙන් එය  අදුරෙන් වැහුන පුංචි ගම්මානයක්. ගම්මානයට ඇතුලු වුන ජන්කුක් එක තැනකදි වාහනය නැවැත්තුවෙ මුකුත්ම නොදන්න ටේහියුන්ග් ඔහු දිහා කුතුහලයෙන් බලද්දි.

"අපි ආවා ටේහියුන්ග් ."

ටේහියුන්ග් දිහා බලන් ජන්කුක් මේ කියන කිසිදෙයක් ටේහියුන්ග් ට තේරුනෙ නැහැ. වාහනෙන් පත්තුවෙන ලයිට්ස් ඔක්කොම නිවලා දැන්ම ජන්කුක් අදුරු වෙන පරිසරය දිහා බලන් හිටියා.ගත වුනෙ විනාඩි කිහිපයයි.
අදුර මැදින් ඉහලට නැගුන ගිනි ආලෝකයක් අතු වලට බෙදෙමින් ගිලිහුලු අතු සියගනනක් වෙමින් සම්පූර්ණ අදුරු ගම්මානයම තැබිලි පැහැයෙන් වර්නත් වුනා.
ඉහලට නැගෙන ආලොකය දිහා බලන් ඉන්න ටේහියුන්ග් ජීවිතේ පලවෙනිම වතාවට ඔවුන්ව දැක්කා.අදුර මැදින් හිටගෙන ඔවුන් ඔහු දිහා බලන් ඉන්නවා.


"එයාලා ඔයා වෙනුවෙනුයි බලන් ඉන්නෙ ටේහියුන්ග් . "

ටේහියුන්ග් දිහා බලන් හිනාවුන ජන්කුක් ඔහුගෙ පසින් වාහනයෙන් එලියට බැස්සා. වාහනෙ අනෙක් පසට ඇවිදන් ආපු  ජන්කුක් ටේහියුන්ග්ට බහින්න වාහනෙ දොර ඇරියේ ටේහියුන්ග් තවමත් කිසිදෙයක් තේරුම් ගන්න බැරි බැල්මකින් ජන්කුක් දිහා බලන් ඉද්දි.

Stolen Love Where stories live. Discover now