Explanation

976 218 92
                                    


මේක කියවන්න මම ලිහපු ගැටලු ලිහිලා නැති වෙද්දි කතාව ඉස්සරහට ටයිප් කලොත් වැඩක් නැති වෙනවා. ලිහන් යන්න.

නංගා කෙනෙක් මගෙන් inbox මේ ප්‍රශ්නය අහලා තිබ්බා .එයාට වගේම මේ ගැටලුව තවත් අයට තියනවද හිතලා මම මේ explanation එක කරන්න හිතුවා. මෙහෙමයි.

ප්‍රශ්න්‍ය: අක්කෙ ටේහියුන්ග් එක පාරටම ප්‍රෙග්නට් වුන එක ඉක්මන් වැඩි නැද්ද? තව ටික කාලයක් එහෙම දෙයක් වෙන්න ගත වුනානම් හොදයි නේද?

හරි ඒක මෙහෙමයි දැන් කතාවෙ මුලට ගියොත් අපි .කතාවෙ චැප්ටර් 6,7 , 21 වල තමා ස්මට් පාර්ස් තිබ්බෙ .

ඔයාලට මතක ඇති චැප්ටර් 21 එකෙන් පස්සෙ දවසෙ හවස තමා පෙන්ත්හවුස් එකට ආවම ජන්කුක් ට ජියොන් මැන්ශන් එකට යන්න වෙන්නෙ .එයාව එක්කන් යන්න ගාර්ඩ්ස්ලා ආවම ජිමින් ගැන කියනවා. ජන්කුක් එදා යනවා ඊටපස්සෙ. හරියටම ජන්කුක් ටේහියුන්ග් එකතුවෙලා එදා දවසට දවසක්.

ඊටපස්සෙ ජන්කුක් දවස් හයක් වගේ මට මතක විදියට පෙන්ත්හවුස් එකට ආයෙ එන්නෙ නැහැ.මම ලියලා තිබ්බා ඒ දවස් හැම එකකම ටේහියුන්ග් ජන්කුක් එනකන් යකඩ කූරු ගැහුව ජනෙලෙන් එලිය බලන් ඉන්නවා කියලා. එහෙම ලිවුව චැප්ටර් එක දවසෙ තමා ජන්කුක් පෙන්ත්හවුස් එකට ආයෙ එන්නෙත් එයා කරපු රගපෑම ගැන ටේහියුන්ග් ට කියලා ටේහියුන්ග් ව ජියොන් මැන්ශන් එකට බලෙන් අරන් යන්නෙත් .( මේක ජන්කුක් කරන රගපෑමක් ටේහියුන්ග් ගෙ වුක්ගෙ හැගීම් හොදට නිරීක්ෂණය කරන්න.)

ඊටපස්සෙ මම ආයෙ ලියලා ඇති ටේහියුන්ග් ගෙ වෙඩින්ග් එක වෙනකන් දවස් හතරක්ද කොහෙද ටේහියුන්ග් ව කාමරයක හිර කරලා තියනව කියලා .( මේ දවස් හතර ඇතුලත තමා ජන්කුක් ලා ඔක්කොම එයාලගෙ ප්ලෑන්ස් ක්‍රියාත්මක කරන්නෙ)

හරි දැන් සාමාන්‍ය එකතුවක් ගත්තොත් ටේහියුන්ග් ජන්කුක් එක්ක සෙක්ශුවලි එකතුවෙලා ඒ දවස් ටික ගෙවෙද්දි දවස් 11 වගෙ කියමු .මම මේ අනුමානයක් කරන්නෙ දවස් හරිද මම ලියලා ඇති දවස් ගනන ආයෙ ගිහින් බලන්න කම්මැලි මට.
එතකොට එකලොස් වෙනි දවසෙ ජන්කුක් ටේහියුන්ග් ව වෙඩින්ග් එකෙන් අරන් යනවා. ද්රුවෙක් ගැබ් ගන්නවනම් මේ වෙද්දි ටේහියුන්ග් ගෙ කුසෙ ගැබ්ගෙන ඉන්න ඕනෙ.

Stolen Love Where stories live. Discover now