Notice

882 190 91
                                    

ඔයාලාට ගොඩක් අවුල්ද මම යුන්මින් කපල් එකට ඒ වගෙ අවසානයක් දුන්න එකට. ඒත් මම හිතන හොදම දේ ඒක කියලා හිතුනා ඒ දෙන්නට. ජිමින් ජීවත් වුනේ ජීවිතේ විදින්නවත් සතුටෙන් ඉන්නවත් නෙවෙයි. එයාට ඕනවුනේ ටේහියුන්ග් ව බේරගන්න ඊටප්ස්සෙ ටේහියුන්ග් ගෙන් එයා කරපු වැරදි වලට දඩුවම් විදින්න.

ටේහියුන්ග් එයාව මගහරිද්දි එයාගෙ අතීත වේදනාව එයා ජීවත් වුනත් දවසින් දවස එයාව මරලා දාන්න ඇති. මම කියන්නෙ නැහැ එහෙමයි කියලා ජිමින් මැරෙන්න ඕනෙ .සූසයිඩ් කරගන්න ඕනෙ කියලා. කවදාවත් ප්‍රශ්න  වෙනුවෙන් ජීවිතයක් අතාරින එක ඔප්ශන් එකක් නෙවෙයි .ජිමින් එහෙම හිතුවනම් එයා මීට කලින් සූසයිඩ් කරගෙන නේද?

එයා ඒත් ටේව බේරගන්න ජන්කුක්ව ජේජු යැවුවා. එයාගෙ හියුන්ග්ට නොකියා පාර පෙන්නුවා.එයා නරක කෙනෙක් නෙවෙයි ඒක මම දන්නවා. කතාව ඇතුලෙ එයා අසරන වුනා. ඒක ඇත්ත.

ඒත් ටේහියුන්ගෙ තැන ඔයා මම හිටගත්තොත්?

ඒ මැරුනෙ එයාගෙ දරුවා. එයා අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් කවදාවත් සලකල බලන්නෙ නැහැ .මෙයා ඇයි මගෙ දරුවා මැරුවෙ මෙයාට ඒකට හේතු ඇතිනෙ කියලා . Never කවදාවත් අම්මා කෙනෙක්ට බැහැ. කොයිතරම්  බැදීම් ලග වුනත් දරුවා මැරුව කෙනා අම්මා කෙනෙක්ග පේන්නෙ තමන්ගෙ දරුවා උදුරගෙන ගිය පවුකාරයා විදියටම තමා .

ටේහියුන්ගෙන් එහෙම සමාවක් ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා. එයාට දෙන්න හිතුනොත් විතරක් එයා දෙයි. ඒක දන්නෙ එයාම විතරයි.

මතකනෙ කතාවෙදි ජිමින් ආවේගෙන් ටේහියුන්ග් ට චෝදනාත් කරනවා. එයාට බැරි වුනාට හියුන්ග් වෙනුවෙන් දරුවා මරන්න. මට පුලුවන් කියලා. ඔය වගෙ වචන ටේහියුන්ග් ගෙ හෘද සාක්ශියත් මරලා දාන්න ඇති. පෙන්ත්හවුස්  එකේ හිර කරලා ඉද්දි එයා රෑ ගනන් ඒ සිතුවිලි අස්සෙ අතරමං වෙලා හඩා වැටෙන්න ඇති. එයා නිසාඅ එයාගෙ පවුල මැරුනා.  එයාගෙ හොදම යාලුවා එයා විශ්වාස  කරපු මනුස්සයා, විශ්වාස කරලා දරුවා දීලා මහන්සියට උරහිසෙ ඔලුව තියාගත්ත මනුස්සහා. ආයෙමත් ඇස් අරිද්දි පනක් ගැහෙන් නැති දරුවෙක් අතට දෙද්දි. අවුරුදු දාසයක දරුවෙක්ට දැනුන පීඩනය?

ජිමින්ගෙ ජීවිතය කොහොම ගෙවෙන්න ඇත්ද? එයාගෙ හෘද සාක්ශිය එයාට කොයිතරම්  රිද්දන්න ඇත්ද?

ටේහියුන්ග්ට ජිමින්ට සමාව දෙන්නත් බැහැ. ජිමින් ඒ විදියට දුක් විද විද ජීවත් වෙන්නත් ඕනෙ .ඒත් ඒක එයා උවමනාවෙන් මරන චේතනාවෙන් කලේ නැහැ. ඒත් වැරැද්ද වැරැද්දමයි.

ඉතින් මම ජිමින් වෙනුවෙන් මේ වගෙ අවසානයක් නිර්මාණය කලේ මට එයාට සාදාරනයක් කරන්න ඕනෙ නිසා. එයා බයෙන් දුකෙන් නෙවෙ යන්න ගියේ. සැනසීමකින් සතුටකින්. එයා බයගුල්ලෙක් වගෙ ජීවිතේ නැති කරගත්තෙ නැහැ. එයා එයාගෙ යුන්ගි හියුන්ග්ව දාලා එතනින් ආවනම් එයාගෙ ජීවිතේ දුක වේදනාව පවු වල බර තව වැඩි වෙයි. එයා කොහොමද ටේගෙ මූන බලන්නෙවත්.

එයා සතුටෙන් යුන්ගිට තුරුලු වෙලා මේ ලෝකයෙන් ගියේ. ඒ දෙන්න එවෙලෙ සතුටෙන් හිටියෙ. ඒ නිසා දුක් වෙන්න එපා හොදද?

ජියොන් හන්ග්ට දඩුවම් කරන්න මම අතීතය එයාලා කරපු පවු ආයෙ ආයෙම එයාලට විදින්න ඒ විදියටම දෙන්න තීරනය කලා. ඉතින් එයාට දරු දුක දැනෙන්නම ඕනෙ.

හැමදේම දම්වැලක් වගේ එකිනෙකට සම්බන්දයි මේ කතාවෙ.

වැරැද්දක් කලොත් කර්මය එනවමයි.🌸❤️

කතාවෙ චරිත මම මවපු මනංකල්පිත චරිත විදියට දකින්න එයාලා තුල ජීවත් වෙන්න. BTS  මෙම්බර්ස්ලා මවාගන්න එපා එයාලා වෙනුවට.


ආදරෙයි.❤️

Stolen Love Where stories live. Discover now