Chapter 3

2K 487 194
                                    

Comment goal 100

මද්‍යම රාත්‍රි 12 පහුවෙද්දි ජන්කුක්ගෙ කාමරේ එල්ලලා තියන ඔරලෝසු බට්ටා සද්දෙන් දෙපැත්තට වැනෙන්න ගත්තෙ තද නින්දකට වැටිලා හිටිය ජන්කුක්ව නින්දෙන් ඇහැරවමින්..


"ආහ් ම්හ්ම්ම්ම් ම්හ්ම්ම්ම් ....."

ඇස් පොඩි කරමින් ආයෙමත් ඇදේ අනෙක් පැත්ත හැරුන ජන්කුක් නිදාගන්න සැරසුනත් කාමරය තුලට ගලන් ආව සීතල හුලං අඩනිරුවත් ජන්කුක් ගෙ උඩුකයේ වැදි වැදි කාමරය පුරා හමන්න ගත්තා.. සීතල හුලං ජන්කුක්ව වෙවුලවා හැරියා.


කම්මැලි කමෙන් ඔලුව උස්සලා බැල්කනි එක දිහා බලපු ජන්කුක් නොරිස්සුම් හඩක් පිට කරමින් නහයෙන් පිම්බෙ මේ වගේ සීතල රාත්‍රියක ඔහු කාමරේ ජනෙල් වහලා දාලා නැති නිසා .දැන් ජනෙල් වහන්නත් ජන්කුක්ට ඇදෙන් බහින්න වෙනවා...

දිගින් දිගටම හමන සීතල හුලං නිසා සුදු සිල්ක් කර්ට්න් කාමරය ඇතුලටයි එලියටයි මාරුවෙන් මාරුවට වැනෙනවා...

කලුවරේම ඇස් පොඩි කර කර ඇදෙන් බිමට බැස්ස ජන්කුක් බැල්කනි ජනෙල් ලගට ගියේ ඉක්මනින් ජනෙල් වහලා ආයෙමත් ඇවිත් නිදාගන්න හිතන්...

නිදිමරගාතෙ ඇවිදන් යන නිසා ජන්කුක් හරිම හෙමින් බැල්කනි එක ලගට ඇවිද්දෙ...


"ආහ් ශිට් මේ මොනවද? "

ජන්කුක්ගෙ කකුලට සීතල තෙත යමක් පෑගුනේ විලුබට දැනුන සීතලට ජන්කුක් වේගයෙන් කකුල අහකට ගනිද්දි..

සාක්කුවෙ තියන ෆෝන් එක අතට අරගෙන ටයිල් එකට ඇල්ලුව ජන්කුක් තවත් පහතට නැමුනේ ඔහුගෙ කකුල් ලග වැටිලා තියන දේ හොදින් පරීක්ෂා කරන්න..


වතුර බේරෙන තරම් තෙත බරිත වෙලා තියන සිල්ක් රොබ් එක අතට ගත්ත ජන්කුක් වම් ඇහිබැම ඔසවමින් කාමරේ වටේට ටෝච් එක ඇල්ලුවා..ජන්කුක්ට හොදටම මතකයි ඔහු නිදාගන්න යන්න කලින් කාමරෙ ටයිල් එක උඩ මෙහෙම දෙයක් තිබුනේ නැහැ කියලා...අනික ජන්කුක් නිදාගන්න ඇවිල්ලත් දැන් පැය කිහිපයක් වෙනවා .වතුර බේරෙන තරම් තෙතබරිත රොබ් එකක් ඔහුගෙ කාමරේට ආවා කියන්නෙ කවුරුමහරි ජන්කුක් නිදි අතරේ ඔහුගෙ කාමරේට ඇවිල්ලා තියනවා...

Stolen Love Where stories live. Discover now