Chapter 88

1K 282 213
                                    

Comment goal 100

"මගෙ පුතා සුරංගනාවියො එක්කද ඉතින් මේ හිනාවෙන්නෙ"

"පාට පාට සුරංගනාවියො ගොඩක් මගෙ පුතු පැටියව බලන්න ඇවිල්ලද?"

පුංචි බෝල ඇස් ලොකු කරගනිමින් පුංචි ඇගිලි නවාගනිමින් දත් නැති පුංචි කට අමුතුම හැඩේකට හදාගෙන හිනාවෙන ස්නෝබෝල්ගෙ තොටිල්ලට එබුන ජන්කුක් ස්නෝබෝල්ගෙ පුංචි බෝල කම්මුල සෙනෙහසින් අතගෑවා.

අප්පව දකිද්දිම පුංචි පැටියගෙ හුරතල් මුහුනෙහි ඇදුන හිනාව තව තව වැඩි වුනා. හුරතල් හඩකින් මොන මොනවදෝ හරි හරියට ජන්කුක් ට කියමින් පුංචි ස්නෝබෝල් ජන්කුක්ගෙ ඇගිල්ලකින් අල්ලගත්තා.

"අප්පාට පුලුවන්නම් මේ ස්ට්‍රෝබෙරි පුතු පැටියව හවු හවු ගාලා ගිලින්න."

වරින් වර පිටුපස හැරිලා බලමින් පුංචි පැටියා එක්ක කතාකරන ජන්කුක් ට දවසෙ වෙලාවත් අමතක වෙලා.කලුවරේම ඇදෙන් බැහැලා ගිහිල්ලා ස්නෝබෝල්ව හුරතල් කරන ජන්කුක් දිහා ටේහියුන්ග් ඇදට වෙලා බලන් හිටියා. ඒත් ජන්කුක් පිටුපස හැරිලා බලද්දි ටේහියුන්ග් ඉක්මනින්ම ඇස් වහගත්තා.

"ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්. මගෙ පුතාගෙ ඔම්මා බෙයා දොයිය බබා කියලනෙ ඉන්නෙ. ඔම්මා බෙයාට ගොඩක් මහන්සි ඇතිනෙ මගෙ පුතෙ. එහෙමයි කියලා මගෙ පුතු පැටියට අප්පට කියන්න තියෙන කතා අප්පා අහන් නැතුව ඉන්නත් බෑනෙ."

පරිස්සමට ස්නෝබෝල්ව තොටිල්ලෙන් උස්සලා වඩාගත්ත ජන්කුක් හොර අඩි තියමින් කාමරයෙන් එලියට ගියේ ඇස් පියන් හිටිය ටේහියුන්ග්  ආයෙමත් ඇස් අරිද්දි.

" අර බලන්න මගෙ මැනික. මගෙ පුතාට පේනවද හද"

"ඒ හදේ ඉන්නවනෙ ලස්සන පුංචි හා පැංචෙක්. ඒ හා පැංචා තමා ඔම්මටයි අප්පටයි මේ පුංචි හාවව ගෙනත් දුන්නෙ."

පුංචි ස්නෝබෝල්ව පරිස්සමට පපුවට තුරුලු කරන් ඉන්න ජන්කුක් හද දිහාවට ඇගිල්ල දික් කර කර පැටියට හද පෙන්නනවා.ජන්කුක්ගෙ අතේ එක ඇගිල්ලක් අල්ලන් ඉන්න පුංචි ස්නෝබෝල් පායපු හද දිහා කුතුහලය පිරුනු බෝල ඇස් වලින් බලන් හිටියා.

Stolen Love Where stories live. Discover now