Chapter 91

965 273 325
                                    


ටේහියුන්ග්නුත් වුක්නුත් හිටගෙන හිටියෙ කදු ගැට්ටක් මුදුනෙ. පයින් කැලෑවෙ අවසානය එක්ක කදු ගැට්ට ලොකු හෙලකින් කෙලවර වෙනවා. කදු මුදුන පුරා හමන් යන හුලග ටේහියුන්ගෙත් වුක්ගෙත් ඇගෙහි වදිමින් හමන් යනවා. ටේහියුන්ග් වුක්ට මුහුනලා හිටගෙන ඉද්දි වුක් ටේහියුන්ග් වෙත ඔහුගෙ අත දික් කලේ ටේහියුන්ගෙ කම්මුල් ස්පර්ශ කරන්න උත්සහයෙන්.

නමුත් ටේහියුන්ග් අප්‍රසන්න බැල්මකින් ඔහුගෙ මුහුන අනෙක් අතට හරවගනිද්දි වුක් ඔහුගෙ අත නැවතත් පසුපසට ගත්තා.

"මගෙ දරුවා දෙනවා."

වුක් අතේ ඉන්න පුංචි ස්නෝබෝල්ව වුක්ගෙන් ගන්න උත්සහ කරමින් ටේහියුන්ග් කෑගැහුවා. ටේහියුන්ගෙ ඇස් වෛරයෙන් රතු පැහැයට හැරවිලා ඒත් ඒ ඇස් ඊලග තත්පරයේම විශාල බියකින් වහගන්නෙ  ස්නෝබෝල්ව අරගෙන වුක් කදු හෙලේ කෙලවරටම අඩි තියද්දි.

"මගෙ ඩෝලි"

වුක්ගෙ මුහුන දිහා බලන පලවෙනි බැල්මෙන්ම ඕනෙම මනුස්සයෙක්ට තේරුම් ගන්න පුලුවන් ඔහු උන්මන්තකයෙක් කියලා. වුක්ගෙ මුහුන පුරා වැවුන රැවුල, උමතු වැටුන දෑස් , හරියට පීරලවත් නැති කොන්ඩය මේ සියල්ලක්ම වුක්ගෙ උමතුව තව තව ටේහියුන්ගෙ ඇස් වලට ඉස්මතු කර පෙන්නුවා.

" මට තවත් ඉවසගන්න බැහැ මගෙ ඩෝලි."

"මම ගොඩක් දවස් බලන් හිටියා. අවුරුදු ගනන් මගෙ ඩෝලි වෙනුවෙන් මම බලන් හිටියා."

වුක් ටේහියුන්ග් දිහා බලන් කියෙවුවත් ටේහියුන්ගෙ සම්පූර්ණ අවදානයම යොමු වෙලා තිබුනෙ වුක් අතේ හඩමින් කෑගහන පුංචි ස්නෝබෝල් වෙතට.පුංචි ස්නෝබෝල් ටේහියුන්ග් දිහා බලන් අඩද්දි ටේහියුන්ග් ට දැනුනේ දරාගන්න බැරි තරමක අසරන බවක්.දරුවට ටේහියුන්ග් ලං වෙන අඩියක් පාසා වුක් තව අඩියක් කදු හෙල වෙත පස්සට ගත්තා.

"එපා. එපා. ඔහොම නවතිනවා."

වුක් වෙත අත දිගු කරමින් ටේහියුන්ග් කෑගහද්දි වුක් ටේහියුන්ග් දිහා අමුතුම ඇස් දෙකකින් බැලුවා.

"ඒක වරදක්ද ඩෝලි? ඔයාට මේ තරම් මම ආදරය කරන එක වරදක්ද?"

"කට වහගන්නවා. කට වහගන්නවා."

Stolen Love Where stories live. Discover now