Chapter 52

1K 309 457
                                    

Comment goal 200

හෙවනැල්ලක් හෝ නොපෙනෙන , අඳුර විසින්ම වහගත් කුටියක්.  ඝන අඳුරු කුටියේ දූවිලි පිරුණු පොළොව මත මුල්ලකට වී හිඳගෙන හිටියෙ දෑතට විලංගු වැටුන එක් මිනිසෙක් !

යාන්තමටවත් හිරු එළිය නොවැටෙන කුටියෙ කලක් තිස්සෙ අවර්ණ වී ගිය බිත්ති හතර පුරාම ඇඳි ඉරි සටහන් ගෙවුනු මූසල අතීතයට සාක්ශි දැරුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යාන්තමටවත් හිරු එළිය නොවැටෙන කුටියෙ කලක් තිස්සෙ අවර්ණ වී ගිය බිත්ති හතර පුරාම ඇඳි ඉරි සටහන් ගෙවුනු මූසල අතීතයට සාක්ශි දැරුවා. විලංගු වැටුන දෑත් හිමි ඔහු  අවර්ණ බිත්තියෙ තවත් ඉරි සලකුනක් සටහන් කලා.අදුරටම හිර වුන ඔහුට ගෙවෙන කාලය තවදුරටත් ඇගිලි වලින් ගනින්න බැරි තරම්. දින මාස වෙමින් කාලය ගෙවුනා. හැම සතුටක්ම විනාශ වී ගිය කල ඔහුට ඉතිරි වුනේ අදුරත් ගෙවෙන මේ කාලයේ සාක්ශිත් පමනයි.

දිනෙන් දින අදුර ඔහුව ටිකෙන් ටික ගිලගන්නවා.හුරතල් හිනා හඩවල්, උනුසුම් වැලදගැනීම්, ආදරනීය හමුවීම් මේ සියල්ලක්ම ඔහු දැක්ක එක හීනයක් පමනක්දො හිතෙන තරම් ඔහු බිදවැටිලා.

හුරතල් හිනා හඩවල්, උනුසුම් වැලදගැනීම්, ආදරනීය හමුවීම් මේ සියල්ලක්ම ඔහු දැක්ක එක හීනයක් පමනක්දො හිතෙන තරම් ඔහු බිදවැටිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



අදුර මැදින් ගලන් ආව ආලෝකය මුලු අදුරු කාමරයම ආලෝකමත් කලා. අදුරට හුරු වුන ඔහුගෙ ඇස් හදිසි ආලෝකය දරාගත නොහැකිව තදින් පියවිලා යද්දි අත් දෙකෙන්ම මුහුන ආවරණය කරගත්ත ඔහු ගලන් එන ආලෝකයෙන් හැංගෙන්න උත්සහ කලා.

Stolen Love Where stories live. Discover now