Chapter 69

1K 283 223
                                    

Comment goal 100

වීදුරු ජනෙල් හරහා කාමරයට තුලට ගලන් එන හිරු එලිය ජන්කුක් ගෙ මුහුනට පමනක්ම වැටුනෙ ඔහුව පමනක් නින්දෙන් අවදි කරන්න උවමනාවෙන් මෙනියි .ඇහි බැම් අකුලමින් හිස පැත්තකට හරවගත්ත ජන්කුක්  මුහුනට වැටෙන හිරු එලිය අතින් ආවරනය කරගන්න උත්සහ කලත් ජන්කුක් ගෙ අත මතින් ඔහුට දැනුනෙ යම් බර ගතියක්.නිදිබරව පහලට බර වෙලා තියන ජන්කුක් ගෙ ඇසිපියන් වේගයෙන් විවර වුනේ බොහොම ලගින් හමන රෝස සුවදකුත් ජන්කුක් ගෙ නහයට දැනෙද්දි.

ඇස් ඇරිය ඊලග තත්පරයේම ජන්කුක් ගෙ තොල් අග ඇදුනෙ සුන්දර සිනහවක්.සෙනෙහෙබර ආදරනීය හැගීම් ගොන්නක් ජන්කුක් ගෙ ඇස් වල ඇදිලා යද්දි ජන්කුක්ගෙ තුරුලට ගුලි වෙලා ඉන්න ටේහියුන්ග් දිහා බලන් හිස ඇල කරමින් තනිවම ජන්කුක් හිනාවුනා.
ජන්කුක්ගෙ උනුහුමට ගුලිවෙලා නිදියන් ඉන්න ටේහියුන්ග් නින්දෙන්ම ජන්කුක්ගෙ පපුවට තුරුලු වෙලා තවමත් තද නින්දෙ.ජන්කුක්ට හෙලවෙන්නවත් බැරි විදියට ටේහියුන්ග් ගෙ කකුල් ජන්කුක් ව ඔහුගෙ කකුල් අතරට හිර කරගෙන. ලොකුම ලොකු ටෙඩියෙක් බදාගෙන මෙන් ජන්කුක්ව බදාගෙන නිදියන් ඉන්න ටේහියුන්ග් ගෙ තොල් නින්දෙන්ම හුරුබුහුටි පොවුටි එකකට පෙරලිලා.අකීකරු සිනිදු කෙස් වැටියක් ටේහියුන්ග් ගෙ මුහුනට වැටිලා. ඔවුන්  ටේහියුන්ගෙ සුන්දරත්වය  ජන්කුක්ගෙ ඇස් වලින් හංගගෙන.. නමුත් දෑස් පියාගත්තත් අදුර මැදින් වුනත් ටේහියුන්ග් ගෙ සුන්දරත්වය දකින ජන්කුක් ලග එය අසාර්ථක උත්සයක්ම පමනයි.


කලින් රාත්‍රියේදි ටේහියුන්ග්ට ඇදේ නිදියගන්න කියලා ජන්කුක් සෝෆා එකෙන් නිදියගන්න ගියත් ජන්කුක්ව නතර කරපු ටේහියුන්ග් කිවුවෙ ජන්කුක්ටත් ඔහුත් එක්ක ඇදේ නිදියගන්න කියලයි. එවෙලෙ ටේහියුන්ග් දිහා බලන් ජන්කුක් හිස පමනක් වැනුවට හිත ඇතුලෙන් නම් ඔහු මුලු කොරියාව වටේටම ලොකු මැරතන් එකක් දිවුවා.

පොවුටි ගැහිලා තියන ටේහියුන්ග් ගෙ රෝස තොල් ටේහියුන්ග් ගෙ මුහුනට අමුතු  හුරතල් බවක් එකතු කරලා තිබුනා .එක අතක් කම්මුලට තියන් ලාවට හිස ඔසවන් ටේහියුන්ග් දිහා බලන් ඉන්න ජන්කුක් ටේහියුන්ග් ගෙ මුහුනට වැටුන කෙස් වැටිය ඔහුගෙ කන අගින් රැදෙවුවා.

Stolen Love Where stories live. Discover now