Chapter 51

1K 317 563
                                    

Vote goal 100
Comment goal 200( Warning )

"කරුනාකරලා මෙතන කලබල කරන්න එපා පුංචි බේබි."

"තිරිසන් වෙන්න එපා මිනිහො.දෙවියන්ගෙ නාමෙට මේ දොර අරිනවා."

"ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්."

අත් දෙකෙන්ම කන් දෙක වහගත්ත ජිමින් වැහුන කාමරෙ දොර ලගම දනින් වැටුනා. දිගින් දිගටම දොරට ගහමින් පිටත ඉන්න ගාර්ඩ්ස්ලට විල්සන් කෑගැහුවත් ඔවුන්ගෙ ඇවටිලි වලට තිරිසනුන්ගෙ කන් අගුලු වැටිලා. පෙන්ත්හවුස් එක පුරාම දරුවෙක්ගෙ වේදනාබර ආයාචනා , විලාපයන් දෝංකාර දුන්නා. හෙලේනගෙත් සයිමන්ගෙත් හැර අනෙක් හැම සේවකයෙක්ගෙම හිස් පහලට බර වෙලා තවදුරටත් මේ විලාපයන් අහන්න නොහැකි තරම් ඔවුන්ගෙ හදවත් පවා දරාගතනොහැකි ශෝකයකින් වේදනා දෙනවා.

පුංචි දගයාගෙ වේදනාබර විලාප හඩ දරාගන්න බැරුව අත් දෙකෙන්ම කන් දෙක වහගත්ත ජිමින් ඉකිගසමින් වැහුන දොර ලගම බිම වැටිලා හඩා වැටුනා.තමන්ටම සාප කරමින් හඩා වැටුන ජිමින් ආයෙම ආයෙම වැහුන දොර ඇරගන්න දොරට ගගහ බෙරිහන් දුන්නා. දොරට එහා පැත්තෙ ඉන්න ගාර්ඩ්ලට ඇවටිලි කලා , කෑගැහුවා , බැන්නා ආයෙම ආයෙම බැගෑපත් වුනා. නමුත් දගයගෙ විලාප අහන් ඉන්න ඔවුන්වත් නිර්භීත වුනෙ නැහැ පුංචි දරුවා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.

"මේ දොර අරිනවා. දරුවෙක් මනුස්සයෙක් ඒ."

"මේ දොර අරිනවා. දෙවියො උබලට සාප කරයි."

"විල්සන් .විල්සන් අනෙ මොනවහරි කරන්නකො.මේ දොර අරින්න කියන්නකො."

"මගෙ පුංචි බේබි. එපා එපා පුංචි බේබි."

කාමරෙ තියන හැම බඩුවකින්ම දොරට ගගහ දොර ඇරගන්න උත්සහ කරන ජිමින්ව බදාගත්ත විල්සන් උමතුවෙන් කෑගගහ අඩන ජිමින්ව සන්සුන් කරගන්න උත්සහ කලා.ජිමින්ගෙ හිස අතින් බදාගෙන තමාගෙ පපුවට තද කරගත්ත විල්සන් ජිමින් එක්කම හඩාවැලපෙමින් එහෙන්ම ටයිල් පොලව මත දනගහගගත්තා.

"මගෙ බක්.මගෙ අසරනයා.එයා අඩනවා විල්සන් ."

"දරුවෙක් විල්සන් .මටත් වඩා ගොඩක් පුංචි එයා. අනේ නවත්තන්නකො.මගෙ පුංචි බෙයා."



Stolen Love Where stories live. Discover now