Chapter 33

1.1K 347 399
                                    

Comment goal 200

"සුභ උදෑසනක් ....උදෙන්ම කොහෙද ඔයාලා මේ යන්නෙ..."


දෙපා නවමින් පහලට  නැවුන දගයා දනහිස මතට නිකට බර කරමින් හිනාවුනා..පුංචි දුබුරු ඇස් හරිම දීප්තිමත් .‍රෝස චෙරි තොල් හුරතල් හිනාවකින් හැඩ වෙලා..පොලව වෙතට යොමු වෙලා තියන දගයගෙ ඇස් ඔහු ඉන්න ඉරියවුවෙන් ඉද්දිම  ඉහල අහස දිහාවට හැරවුනා..
නිල් අහස පුරා පැතිරුනු සුදු වලාකුලු එකින් එක ඇගිල්ලෙන් ගැනපු දගයා ඇස් පුංචි කරමින් අහසට තරවටු බැල්මක් හෙලුවා..

"චූටි කකුල් තව ඉක්මන් කලොත් හොදයි නැත්තම් ඔයාලා ගෙදර යන්න කලින්  වැස්ස  පටන් ගනියි.."

පේලියට එකා පිටිපස්සෙ එකා කෑම උස්සන් ඇවිදින කූබි පේලිය දිහා බලන් කිවුව දගයා මොහොතක්  ඔවුන් දිහා බලන් හිටියා..
පේලියට කඩිසරව ඇවිදන් යන පුංචි කූබින්ගෙ කකුල් දිහා දුබුරු ඇස් සීරුවෙන් බලන් ඉන්නවා..

බත්  ඇටයක් උස්සන් පේලිය මැදින් ඇවිදන් යන කූබියා ලගට ඇගිල්ල ගෙනියපු දගයා හානියක් නොවෙන විදියට කූබියව උස්සලා ඇගිල්ල මතට ගත්තා..අනෙක් කූබින්ගෙ කඩිසර පුංචි කකුල් වලට සාපේක්ෂව මේ කූබියගෙ කකුල් වල වේගය වැඩියි..

"මෙයත් එක්ක ගියොත් ඔයාලට ඉක්මනින්ම කූබි ගෙදරට යන්න පුලුවන් වෙයි.."

වේගයෙන් ඇවිදින කූබියව කූබි පේලියෙ ඉස්සරහින් තිබ්බ දගයා කඩිසරව ඇවිදන් යන කූබි දිහා බලන් හිනාවුනා. අහිංසක පුංචි හිත සතුටෙන් පුරවන්න මහ ලොකු හේතු ඕන කලෙ නැහැ..ඒ හිත කොයිමොහොතෙත් සතුටෙන් පිරිලා ගිහිල්ලා..විනාඩියෙන් විනාඩියට හුරතල් මුහුනට හිනාවෙන්න හේතු ලැබෙනවා..පුංචි පුංචි දේවල් වලින් පවා මහ ගොඩක් සතුටු වෙන්න පුලුවන් වුන නිසා වෙන්න ඇති ඒ තරම් ඒ තොල් හුරතලෙන් හිනාවෙන්නෙ..

පුංචි පුංචි දේවල් වලින් පවා මහ ගොඩක් සතුටු වෙන්න පුලුවන් වුන නිසා වෙන්න ඇති ඒ තරම් ඒ තොල් හුරතලෙන් හිනාවෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Stolen Love Where stories live. Discover now