Chapter 44

1K 293 481
                                    

Ps-අතීතයක් ලියන් නෑ එක චැප්ටර් එකකින් දෙනවා කිවුවෙ හන්සන්ගෙ අතීතය ලමයිනෙ.. බෙයාගෙ අතීතෙ තව ටිකක් තියනවා.. හැබැයි වැඩේ කියන්නෙ හන්සන්ගෙ අතීතෙ මට තව කොටසකින් දෙන්න වෙනවා හිතුවට වඩා දිග වැඩි වුනා.. (Warning - Mpreg)

Comment goal 200
-------------------------------------------------------------




"මහත්තයා."

"අපේ මහත්තයා ඇවිල්ලා..."

ජියොන් මාලිගයේ විශාල ද්වාර මැදින් මාලිගය තුලට ඇවිදන් එන හන්සන්ගව දකිද්දි මාලිගයේ සේවකයින් ඔහුව පිලිගන්න ප්‍රාදාන ශාලාව දිගේ පේලියට පෝලිම් ගැහුනා.
සියල්ලන්ම එකම ඉරියවුවෙන් හන්සන්ග්ට හිස නවද්දි සේවිකාවන් දෙදෙනෙක් විතරක් හන්සන්ග් ට ආචාර නොකර ඈතට වෙලා ඔහු දිහා බලන් හිටියා. හන්සග්ට ආචාර කරන්නවත් ගෞරවයක් දක්වන්නවත් පුංචිම අදහසක් ඔවුන්ගෙ හිතේ තිබුනෙ නැහැ.හන්සන්ගෙ දෙපා ලග ඉදන් ඉහලට ඇස් ගෙනියපු ඔවුන්ගෙ මුහුනෙ ඇදිලා ඔහු වෙනුවෙන් ඇදිලා තිබුනෙ සමච්චල් සහගත හිනාවක් පමනයි.නමුත් ඔවුන්ගේ ඒ හිනාවට වැඩි ආයුශ තිබුනෙ නැහැ..


"හෙලේනා...ලීනා..."

හන්සන්ග් දිහා සමච්චල් සහගත හිනාවකින් බලන් ඉන්න සේවිකාවන් දෙදෙනා පිටුපසින් ඇහුනෙ කාන්තාවකගෙ කටහඩක්.ඇගෙ කටහඩ ඇහෙද්දිම වේගයෙන් හිස පහලට හරවගත්ත සේවිකාවක් දෙදෙනා ඇයට ඉදිරියට ඇවිදගෙන එන්න ඉඩ දෙමින් මාර්ගයෙන් අයිනට වුනා.

සේවිකාවන් දෙදෙනා ඉදිරියෙන් ඇවිත් හිටගත්ත ජියොන් මීනාගෙ ඇස් මගහරිමින් බිම බලන් ඉන්න සේවිකාවන් දෙදෙනාගෙ හැසිරීමට මීනා ඔවුන්ට බැනවදින්න ගියත්


"නූනා.."

මීනට බාදා කරපු හන්සන්ග් ඇය ලගට ඇවිදන් ආවා..

"නූනට කොහොමද?"


නපුරු කරගත්ත දැඩි ඇස් වලින් සේවිකාවන් දෙදෙනා දිහා ඇය රවා බලන් හිටියත් තමන් වෙත ඇවිදන් එන හන්සන්ග්ව දකිද්දි මීනාගෙ ඇස් වල ඇදුනෙ අහිංසක හිනාවක්.හන්සන්ගෙ සුන්දර ඇස් දිහා බලපු මීනගෙ ඇස් ඉබේටම ටිකෙන් ටික පහලට පහලට ගියා.මීනගෙ ඇස් සතුටු කදුලෙන් පිරිලා යන්න මහ වෙලාවක් ගියෙ නැහැ.

Stolen Love Where stories live. Discover now