Chapter 63

1.1K 305 386
                                    

Comment goal 150

ගම්මානය වට කරමින් ගලන් යන  ජලාශය ලගින් ඉදිකරලා තියන ලී පාලම මත ඉදගෙන ඉන්න ටේහියුන්ග්  ඔහුගෙ පුංචි කුසට අත තියන් නිල් වතුර දිහා බලන් හිටියා.

ගම්මානය වට කරමින් ගලන් යන  ජලාශය ලගින් ඉදිකරලා තියන ලී පාලම මත ඉදගෙන ඉන්න ටේහියුන්ග්  ඔහුගෙ පුංචි කුසට අත තියන් නිල් වතුර දිහා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේහියුන්ග් නිල් වතුර දිහා බලන් හිටියත් ඔහුගෙ මනස තිබුනෙ වෙනම තැනක. නමුත් විශේශ අමුත්තෙක් නිසා ටේහියුන්ග් ගෙ සිතුවිලි ලෝකය බිදිලා යද්දි නිල් වතුර දිහා බලන් ඉන්න ටේහියුන්ග් හෙමින් ඇසි පිය ගැහුවා. ඔලුව උස්සපු ටේහියුන්ග් ඔහු ලගින් පියාබන නිල් සමනලයා දිහා බලන් පුංචියට හිනාවුනා.

ටේහියුන්ග්ට මේ පුංචි නිල් සමනලයව අද වෙද්දි ගොඩක් හුරුපුරුදුයි.ටේහියුන්ග් ජන්කුක් එක්ක ගම්මානයට ආව දවසෙ පටන් අද වෙනකන් ගම්මානය පුරා ටේහියුන්ග් යන හැම තැනකම ඔහු මේ සමනලයාව දකිනවා. හරියට නිල් සමනලයා ටේහියුන්ග් යන හැම තැනකටම ඔහුව හොයන් එනවා වගේ.

ටේහියුන්ගෙ ඇස් ඉස්සරහින් තටු ගගහ පියාබන සමනලයා දිහා බලන් හිටිය ටේහියුන්ග් පාලමට බර කරන් හිටිය ඔහුගෙ  එක අතක් සමනලයා වෙත හෙමින් දිගු කලා.

නමුත් සමනලයා ටේහියුන්ග් ගෙ අත ලගට ලං වුනෙ නැහැ ඒ වෙනුවට නිල් සමනලයා ලී පාලමෙන් පහල ජලාශය වෙත පියාබන්න ගත්තා. සමනලයා දිහා බලන් ටේහියුන්ග්නුත් පාලමෙන් පහලට එබුනෙ දැනුන කුතුහලයට.

ටේහියුන්ගෙ ඇස් දිගටි ඇස් ජල මතුපිට වහලා ඉන්න සමනලයා දිහා සන්සුන්ව බලන් හිටියා .ඒත් සමනලයා දිහා ටික වෙලාවක් බලන් ඉද්දි දැක්ක යමක් නිසා ටේහියුන්ග් ටිකෙන් ටික ජල මතුපිට වෙත නැවුනේ තමන්ට පෙනෙන දේ තවත් හොදට බලාගන්න.ජලය හරහා පෙනෙන ටේහියුන්ගෙ ප්‍රතිබිම්භය වෙත ඔහු හෙමින් අත දිගු කලා.නිසල පැහැදිලි නිල් වතුර හරහා ටේහියුන්ග් ට ඔහුවම පෙනෙනවා.  ජල මතුපිටින් පෙනෙන ඔහුගෙ ඡායාව ස්පර්ශ කරන්න ලං වෙන ටේහියුන්ග් ගෙ අත ජලය ස්පර්ශ වෙන්න ඔන්න මෙන්න ලංවෙලා නතර වුනේ යම් දෙයක් සිදු වුන නිසා.

Stolen Love Where stories live. Discover now