Chapter 50

1K 302 422
                                    

Vote goal 100
Comment goal 200


"පුංචි බේබි "

විවර වුන ජනෙල් පියන් අතරින් ගාර්ඩ්න් එක දිහා බලන් ඉන්න ජිමින් ලගට ඇවිදන් ආව විල්සන් ඔහු රැගෙන ආව කෑම බන්දේසිය මේසය මතින් තිබ්බා.

"කාලා ඉමුකො මගෙ පුංචි බේබි"

දවසේ කී වෙනි වතාවටද මන්දා විල්සන් ජිමින් ලග ඇවටිලි කලා.



"විල්සන් දැනගෙන හිටියා."


විල්සන් දිහා නොබලම ඈත බලන් ජිමින් කතාකරද්දි විල්සන්ගෙ ඇස් පහලට බර වුනා.

"අන්කල් වුක් ගැන විල්සන්  දැනගෙන හිටියා නේද?"

"ආදරය කරපු එක මේ තරම් වරදක්ද විල්සන් . ඒ ආදරයෙ දඩුවමද මට මේ ලැබිලා තියෙන්නෙ. ඒක රිදෙනවා ගොඩක් .දරාගන්න බැරි තරම් වේදනාවකින් මම පිච්චෙනවා විල්සන් ."

ජිමින්ගෙ ඇස් වලින් කදුලක් පහලට කඩන් වැටෙද්දි ඉක්මන් වුන විල්සන් ජිමින්ව තුරුලු කරගන්න උත්සහ කලා.


"එපා! .ඈතින් ඉන්න. එයාව තුරුලු කරගන්න කවුරුත් නැහැ විල්සන්. එයා ගොඩක් බය වෙලා ඇති. මගෙ ඇස් වලින් කදුලක් වැටෙද්දි මාව තුරුලු කරගන්න එන ඔයාට ඒ විලාප ඇහෙද්දි ඔහුව තුරුලට ගන්න හිතුනෙ නැද්ද? "
හැමදෙයක්ම මම දැනගත්තා.එයා නේද ඒ පුංචි දරුවා විල්සන්.මගෙ ඔම්මා මටත් වඩා ආදරය කරපු ඒ පුංචි දරුවා එයා නේද. හැම රැයකම මතක් කරමින් හඩා වැටුන ඒ කෙනාගෙ දරුවා එයා නේද?
විල්සන්ගෙ ඇත්තම හාම්පුතාගෙ එකම දරුවා.ඉතින් ඇයි ඔහුව තුරුලට නොගෙන මාව තුරුලු කරගන්නෙ  විල්සන් ."

ජිමින්ගෙ රතු ගැහුන ඇස් විල්සන් වෙත යොමු වෙද්දි හඩමින් හිස දෙපැත්තට වනපු විල්සන් ජිමින් ලග දන තියලා ඉදගත්තා.ජිමින්ගෙ අත් දෙකම දෝතට ගත්ත විල්සන් ජිමින්ගෙ අත් දෙක ඔහුගෙ නලල මතින් තියාගෙන හඩා වැටුනා.

"මගෙ පුංචි බේබිගෙ ඔම්මා පුංචි බේබිට ගොඩක් ආදරය කලා. ඒත් ලොකු නෝනට ඒ ආදරය පුංචි බේබිට පෙන්නන්න බැරි වුනා. අන්තිම මොහොත වෙනකන්ම ඒ ආදරය පුංචි බේබිට පෙන්නන්න ලොකු නෝනට හිත හදාගන්න බැරි වුනා. පුංචි බේබිට විතරක් නෙවෙයි. පුංචි බේබිගෙ හියුන්ග්ලා දෙන්නා ලගත් ලොකු නෝනා ගලක් වුනා. හන්සන්ග් මහත්තයගෙ මරණය ලොකු නෝනාව ගලක් කලා. හන්සන්ග් මහත්තයා මැරුනෙ ඔවුන් නිසා කියන හේතුව ලොකු නෝනව ටිකෙන් ටික බිදලා දැන්මා."

Stolen Love Where stories live. Discover now