Chapter 74

1K 282 289
                                    

Comment goal 150

"කුතුහලය

කුතුහලය මිනිස්සුන්ව පිස්සු වට්ටනවා ජන්කුක් .

ජියොන් හන්සන්ග්ට ඇත්තටම මොකද වුනේ කියන ඇත්ත කුතුහලෙන් පිරුනු මිනිස්සු හොයන්න ඕනෙ.

වැරදි කරපු මිනිස්සු කුතුහලය ලග හරියට බය වෙනවා . වලලපු අතීතය ජියොන් හන්ග් එයාගෙ අත් දෙකෙන්ම ආයෙමත් හාරලා උඩට ගන්න ඕනෙ."

උඩුදදා ඉහල නගින ගිනිදැල් දිහා බලන් ටේහියුන්ග් කියද්දි නිහඩව ටේහියුන්ග් දිහා බලන් හිටිය නම්ජුන් කුතුහලයෙන් ටේහියුන්ග් දිහා ඔලුව උස්සලාබැලුවා.

"ඔයා මොකක්ද ඒ කතාවෙන් අදහස් කරන්නෙ ටේහියුන්ග් ."

"කුතුහලය."

නම්ජුන්ගෙ ඇස් දිහා කෙලින් බැලුව ටේහියුන්ග්  ආයෙමත් ඒ වචනයම කිවුවෙ නම්ජුන්ගෙ මනස තව තව කුතුහලයෙන් පුරවමින්.


"කර්මය අමතක කරලා දාලා මිනිස්සු කොයිතරම් නම් පවු කරනවද?"
"ඒ කරපු පවු වහගන්න ඔවුන් තව තව පවු කරනවා.ඉවරයක් නැති පවු දම්වැලක ගාංචු වෙමින් එක දිගටම එකිනෙකට බැදෙනවා.අවසානයෙ පවුකාරයෝ ඔවුන්ගෙම පවු පිරුන දම්වැලේ පැටලිලා මියයනවා."

ටේහියුන්ග් කිවුව කතාව තේරුම් ගන්න උත්සහ කරමින් නම්ජුන් හිස වැනුවා.

"පවුකාරයෙක්ට ලොකුම දුර්වලතාවය ,පවුකාරයෙක්ගෙ ලොකුම හතුරා කවුරු කියලද නම්ජුන් හියුන්ග් හිතන්නෙ?"

"තමන් කරපු පවු? "

ප්‍රශ්නාර්ත බැල්මකින් නම්ජුන් අහද්දි ටේහියුන්ග් හිස වැනුවා.


"පවුකාරයන්ගෙ ලොකුම හතුරා වෙන කවුරුත්ම නෙවෙයි ගෙවෙන තත්පරයක් පාසා තමන් ලගින්ම ඉන්න ඔවුන්ගෙ මනස."


"මුලු ලෝකෙම ඉස්සරහ  තමන් කරපු පවුකාරකම් ගොඩක් දක්ශ විදියට ඔවුන් හංගගත්තත් පවුකාරයෙක්ට කවදාවත් බැහැ ඔහු කරපු පවු වලින් තමන්ගෙ ආත්මය බේරගන්න.පවුකාරයෙක්ට කවදාවත් සම්පූර්ණ සැනසීමක් ලැබෙන්නෙ නැහැ."

Stolen Love Where stories live. Discover now