Comment goal 100
ජේජු මාතාවන්ගෙ සුන්දර ප්‍රේමවන්තයා අහස ,අද ප්‍රේමනීය ලා නිල් පැහැයකින් වරණ ගැන්විලා. ජේජු පොලව පුරාවටම සීතල හුලං හමන් යන්න පටන්ගෙන.
සීතල හුලග කපන් ඉදිරියට ඇදෙන ජන්කුක්ගෙ වාහනයෙ ඉදිරිපස අසුනෙ ඉදගෙන පයින් වනාන්තරය දිහා බලන් ඉන්න ටේහියුන්ග් දිහා හොර ඇසින් බලපු ජන්කුක් ගෙ මුහුනෙ ඇදුනේ ආදරනීය සිනහවක්. පාර දිහා බලන්ම ටේහියුන්ග් ගෙ පැත්තෙ වින්ඩ්ශීල්ඩ් එක පහත් කරපු ජන්කුක් ඔහු තවමත් ටේහියුන්ග් වෙතට අවදානයක් නොදුන්නා වගේ දිගින් දිගටම වාහනය ඉදිරියට ධාවනය කලා.
ජන්කුක් ඔහුගෙ පස වින්ඩ්ශීල්ඩ් එක පහත් කරද්දි භාවනාවකට සමවැදිලා මෙන් ඈත බලන් හිටිය ටේහියුන්ගෙ ඇස් ජන්කුක් වෙත යොමුවුනා. නමුත් ජන්කුක් තවමත් පාර දිහා බලන්. මොහොතක්ම ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් හිටියත් ටේහියුන්ග් ඉන්නවදවත් හෝ තැකීමක් නැතුව ජන්කුක් වාහනයෙ drive කරනවා. ජන්කුක්ගෙන් ඇස් අහකට ගත්ත ටේහියුන්ග් විවර වුන විදුරුව මතින් අත තියමින් ඒ මතින් නිකට තියාගත්තා. හමන සීතල හුලං ටේහියුන්ග් ගෙ රෝස කම්මුල් තව තව රෝස පැහැයට හැරෙවුවා.
ටේහියුන්ගෙ දිගු ඇස් පිහාටු ඇස් පියාගනිමින් රෝස කම්මුල් සිපගනිද්දි ජේජු මාතාවන් ඇයගෙ පුංචි සුරදූතයාව ආදරනීය ඇගේ තුරුලට තුරුලු කරගත්තා.
මාස කීපයකට කලින් මේ විදියටම ජන්කුක් ජේජු වෙත ආවා. එදා ජේජුහි සීතල හුලග ජන්කුක් ගෙ ඇගේ දැවටෙමින් ඔහුට පුංචි සුරදූතයෙක් පිලිබද රහසක් මිමිනුවා. නමුත් ඒ රහස ඒ දවසෙදි ජන්කුක්ට තේරුම් ගන්න බැරි වුනා.
කාලය, එය මායාවක්. ගතවුන කාලය කොයිතරම් වෙනසක් ජන්කුක්ගෙ ජීවිතයෙ සිද්ද කරලද?
___________________________________
"මැනික ඔහොම ඉන්න. මම ඉක්මනින්ම උඩට ගිහිල්ලා එන්නම්."
ටේහියුන්ගෙ හිස මතින් හාදුවක් තියමින් මුමුනපු ජන්කුක් ටේහියුන්ග් ව සෝෆාවෙන් ඉන්දවමින් පෙන්ත්හවුස් එකේ පඩිපෙල නගිමින් උඩට ගියා.නිහඩ ඇස් වලින් පෙන්ත්හවුස් එක පුරාම ඇස් අරන් ගිය ටේහියුන්ග් ජන්කුක් යන්න ගියාත් එක්කම ඔහු ඉදගෙන හිටිය සෝෆාවෙන් නැගිට්ටා.