Chapter 38

1.2K 325 589
                                    

Comment goal 200

සිත්තම් වලින් පිරුනු කාමරයක් මැද හිදගෙන ඉන්න ඔහුගෙ අතේ පින්තාරු තරවපු පින්සලක්.. කාර්‍යබහුලව සිතුවම දිගේ ඉහලට පහලට ගමන් කරන පින්සල සුදු කැන්වස් කොලයට වර්ණ එකතු කලා.සුදු කැන්වස් කොලය පමනක් නෙවෙයි ඔහුත් පාට පාට පින්තාරු වලින් නැහැවිලා .නමුත් ඒ ගැනවත් සිහියක් නැති ඔහු දිගින් දිගටම සිත්තම පින්තාරු කරනවා.

මේ තරම් උනන්දුවෙන් ඔහු කුමක්ද මේ සිතුවම් කරන්නෙ..ඉහල පහල යන ඔහුගෙ අත අවසානයෙ එක තැනක නතර වුනා...කලු පාට සායම් පින්සල් තුඩ අගට යන්තම් තවරගත්ත ඔහුගෙ තොල් අග හිනාවක් මැවුනා..
රෑපයට නගලා ඉන්න සුන්දර තැනැත්තගෙ නහය මතින් කලු තීන්ත තිතකින් උපන් ලපයක් තිබ්බ ඔහු සෑහීමට පත් බැල්මෙන් සිතුවම දිහා බැලුවා.

"සිතුවමකටවත් නගන්න බැරි තරම් ලස්සනක් ඔයාට කොහෙන්ද ලැබුනෙ මගෙ හන්සන්ග්.."

සිතුවමත් හා හිනාවුන ඔහු හෙමින් හෙමින් සිතුවම වෙත ලං වුනා..
සිතුවමට ලං වෙද්දි ටිකෙන් ටික ඇස් පියාගත්ත ඔහු සිතුවමෙ ඉන්න හන්සන්ග්ව සිපගන්න සූදානම් වුනත්...





"වුක්හා...තවමත් ඔයා මෙතනද? "


සිත්තම් කාමරයෙ දොර ඇරෙගන කාමරය තුලට ඇතුල් වුනේ සිනහවකින් මුව සරසගත්ත සුන්දර කාන්තාවක්.සිනහවෙද්දි ඇයගෙන් දිස් වුනේ පුංචි හා පැටික්කියෙක්ගෙ රැවක්..


"නූනා..."

සිතුවම් කාමරයට ඇය ඇතුලු වෙනවත් එක්කම වේගයෙන් දෑස් හැරිය ඔහු කලබලයෙන් මෙන් මොහොතකට පෙර ඔහු අවසන් කරපු සිතුවම කලු සිල්ක් රෙද්දකින් ආවරනය කලා.

"නූනා තමා. තවම ලෑස්ති නැද්ද? හන්සන්ග් මට කෝල් කරලත් ඇහුවා ඔයා කොහෙද කියලා.."

වුක්ගෙ කලබල වෙන මුහුනෙ ඉරියවු දිහා හිනාවෙමින් බලන් හිටිය ඇය

"අද නම් ඔයා ඉවරයි මගෙ මල්ලි."

"අනේ අනේ තමන්ගෙ එකම මල්ලි කොටි කටට යවනවා දැන දැන හිනාවෙන ලස්සන.."

"කමක් නැහැ නූනට බයක් නැහැ.කොටි කටට වුනත් අපේ කොටියනෙ.."


"නූනාආආආ.."

Stolen Love Where stories live. Discover now