Chapter 64

1.1K 330 441
                                    

Comment goal 150

"අනෙ මාව අතාරින්න මහත්තයො.මාව විශ්වාස කරන්න මම අහිංසකයෙක් මම මේ මුකුත් දන්නෙ නැහැ."

සම්පූර්නයෙන්ම ලෙයින් නැහැවිලා ගිය  තරුනයෙක් දුර්වල දෙපයින් මාලිගයෙ කොරිඩෝව දිගේ බිම ඇදවැටෙමින් දුවන් යනවා. ඔහු පසුපසින් බර අඩි තියමින් ඇවිදන් එන පුද්ගලයා දිහා සැරෙන් සැරේ හැරි හැරි බල අත් දෙක එකතු කරමින් තරුනයා ඔහුගෙන් ජීවිතය ආයාචන කරනවා.


"ආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්."

කොරිඩෝව දිගේ දුවන් එන  තරුනයා මාලිගයෙ විශාල පඩිපෙල ලගදිම පඩිපෙලෙන් පහලට විසික් වෙලා යන්නෙ තරුනයා ඉදිරියෙන් පැමිනි පුද්ගලයෙක් තරුනයාට පා පහරක් දෙනවාත් එක්කමයි.දැනටමත් ශරීරයට දරුනු ලෙස තුවලා සිදු වෙලා තියන  තරුනයා පඩිපෙල දිගේ පහලට රෝල් වෙලා යන්නෙ සම්පූර්ණ පඩිපෙලම ඔහුගෙ රක්ත ලෙයින් වර්නවත් කරමින්.තරුනයා පඩිපෙල දිගේ පහලට රෝල් වෙද්දි ඔහු පිටුපසින් ඇවිදන් ආව පුද්ගලයා දුම් වැටියක් පත්තු කරගමින් පඩිපෙල මුදුනට වෙලා තරුනයා දිහා බලන් හිටියා.

දුම් වැටිය උරමින් එකින් එක පඩි බහින්න ගත්ත පුද්ගලයා පඩි පාමුල බිම වැටිලා සිහියක් අසිහියත් අතර ඉන්න තරුනයාගෙ අත ඔහුගෙ ඝන සපත්තු අඩියෙන් පාගලා හැරියා.


"ආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්."

ඇස් පියන් වේගයෙන් හුස්ම ගනිමින් හිටිය තරුනයා මර විලාප තියමින් වේගයෙන් ඇස් ඇරියෙ දරුනු හිරිහැර මැද  බිදිලා ගිය අත ඝන සපත්තු අඩියට පැගෙද්දි දරාගන්න බැරි වේදනාවකින්.


කෑගහන තරුනයාගෙ අත පාගගෙනම ඔහු ලගින් පහලට නැවුන පුද්ගලයා තරුනයගෙ කොන්ඩෙන් අල්ලලා බලෙන්ම ඔහුගෙ  හිස තමන් වෙතට ඇදලා ගත්තා. තරුනයගෙ හිස එක අතකින් අල්ලන් ඔහු ලගින් හිටගෙන ඉන්න ගාර්ඩ් වෙත අත දික් කරපු පුද්ගලයා ලගට ඇවිදන් ආව ගාර්ඩ් රිදී පැහැති තුවක්කුවක් පුද්ගලයා  අතින් තැබුවා.
තුවක්කුව අතට ගත්ත පුද්ගලයා ඔහු දිහා බියෙන් බලන් ඉන්න තරුනයාගෙ මුව තුලට තුවක්කුව බැස්සුවෙ තරුනයාගෙ මුවින් මරන බියෙන් විලාපයන් පිට වෙද්දි.

Stolen Love Where stories live. Discover now