Comment goal 150
ඔහු දිහා බලන් යුන්ගි හිනාවුනා.තමන් වෙතට දුවන් එන ජිමින්ගෙ රුව දිහා බලන් යුන්ගි ඔහුටම හිනාවුනා. යුන්ගි ප්‍රාර්ථනා කලා වගේමයි.මේ ජීවිතයෙදි ඔහුට ගෙවන්න ලැබෙන අන්තිම තත්පරයේදි ඔහුගෙ ඇස් ඉදිරියෙ මරනය වෙනුවට ඇදිල්ලා පෙනෙන්න ඕන වුනේ ජිමින්ව. යුන්ගිගෙ ඒ ආසාව ඒ විදියටම අද ඉශ්ට වෙලා.උඩුලමින් ගිනි දලු නගින ගරාවැටුන ගොඩනැගිල්ලෙ ලී පොලව මත වැටිලා ඉන්න යුන්ගි වෙතට දුවන් එන ජිමින්ගෙ රුව යුන්ගිට මැවිලා පෙවුනා.
තමන් වෙතට දුවන් එන ජිමින්ගෙ රුව ටිකෙන් ටික යුන්ගිගෙ ඇස් මානෙන් මැකිලා යන්න පටන් ගත්තා. යුන්ගිගෙ ඇස් පිහාටු ටිකෙන් ටික පියවෙනවා. අදුර යුන්ගිව ඔහුගෙ තුරුලට ගන්නවා.
නමුත් අදුරට එය කරන්න ඒ තරම් ලේසි වුනේ නැහැ.පියවිලා යන යුන්ගිගෙ ඇස් පිහාටු අපහසුවෙන් ටිකෙන් ටික විවර වෙන්න පටන් ගත්තෙ ආයෙමත් පුංචි ආලෝකයක් යුන්ගි ගෙ ඇස් මානෙ පෙනෙන්න ගනිද්දි.
සිහිනයක් තුල ජීවත් වෙනවා කියලා හිතමින් යුන්ගි ඔහු එක්ක සිනහසුනා. දුර්වල අත ඔසවමින් ඔහුගෙ කම්මුල් ස්පර්ශ කලා. මේ හීනය යුන්ගි දැක්ක අනෙක් හීන වලට වඩා ගොඩක් වෙනස්. මේ හීනයේදි ජිමින්ගෙ කම්මුල් බොහොම උනුසුම්.යුන්ගිගෙ අත ජිමින්ගෙ කම්මුල් ස්පර්ශ කරද්දි වේදනාබර ඉකියක් මුවින් පිටවුන ජිමින් යුන්ගිව ඔහුට තුරුලු කරගත්‍තා.
"හියුන්ග්. යුන්ගි හියුන්ග්. අනේ නැගිටින්න. ඇයි මේ.කොහොමද මෙහෙම වුනේ."
යුන්ගිව ඔඩොක්කෙ උඩින් දිගාකරගනිමින් ජිමින් වේදනාවෙන් විලාප තිබ්බා.
"නැගිටින්න හියුන්ග්.අපි යන්න ඕනෙ. අනේ ඇස් අරින්න. "
යුන්ගිගෙ කම්මුල් වලට තට්ටු කරමින් ජිමින් කෑගහනවා. ඔවුන් වටකරමින් ඇවිලෙන ගිනි දැල් දිහා බලමින් ජිමින් වේදනාවෙන් කෑගැහුවා.
ජිමින් පිස්සුවෙන් වගේ යුන්ගි හොයන් දුවන් ආවා. යුන්ගි number එකෙන් ලැබුන කෙටිපනිවිඩයට ජිමින්ව යුන්ගි හොයන් ආවා.ඒ එන්න කලින් ජිමින් ටේහියුන්ග් ව තදින් වැලදගත්තා . ටේහියුන්ග් ලගට යන්නවත් ශක්තිමත් නොවුන ජිමින්ට අද ඒ ශක්තිය කොහොම ලැබුනද කියලා ජිමින්වත් දැනන් හිටියෙ නැහැ.යුන්ගිව හොයන් දුවන් ආව ජිමින් මේ වගේ දෙයක් හීනයකින්වත් දකින්න බලාපොරොත්තු වුනේ නැහැ.