8 පරිච්ඡේදය

1.6K 273 10
                                    

"ටාං!!!"

මෙවර යකඩ පොල්ල තවත් කුමක හෝ තද යමක ගැටෙන හඬින් කොරිඩෝව නැවත දෝංකාර දුන්නේ ය. ඒත් සමග ෂමිත්ට ඉදිරියෙන් ම සිටි තැනැත්තා කපා දැමූ ගසක් මෙන් එතැන ම බිම ඇදගෙන වැටිණි. අනෙකාට දෑස් විශාල කරගෙන ගල් ගැසී සිටිනවා හැර වෙනත් දෙයක් ඒ මොහොතේ කර ගන්නට අපහසු බව පෙනින.

"ටං!...."

"ටං!...."

"ටං!...."

ෂමිත්, බිම වැටී කෙඳිරි ගාමින් තම ඔලුව අල්ලාගෙන එහාට මෙහාට ඇඹරෙමින් සිටි මිනිසාගේ ඇඟට උඩින් අඩිය තබා ඔහුව පසු කරගෙන අනෙකා දෙසට ළං වූයේ තම අත වූ යකඩ පොල්ලෙන් පඩිපෙළ අයිනේ ඇති යඩක අත් වැටට ඒකාකාරීව පහර දෙමිනි. ඔහුගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවින. අනෙකාගේ මුහුණ දුටු විට ඔහුට ද ඇද වැටුණු එකාට කළ දේ ම කරන්නට ෂමිත්ගේ අත කකියන්නට විය. නමුත් ඔහු එය පාලනය කරගෙන සිටියේ ය.

"ඒයි, ඒයි! ෂමිත් ඕක පැත්තකට දාපන් බන්! මෙහෙම දේකට ඔච්චර දුර යන්න ඕනෙ ද?!"

ඔහුගේ වෙව්ලන ස්වරයෙන් ම ඔහු කෙතරම් බිය වී සිටියාදැයි වටහා ගත හැකිය.

"මං මීට කලිනුත් මේක ම කරල තියෙනවා! ඒත් උඹල හැමදාම අර මිනිහගේ පක්කලි වැඩ වලට ඇවිත් ගුටි කනවා. ගිහින් කියපන් තවත් මං කරන දේවල් ගැන හොයන්න එපා කියලා. දැන ගන්න ඕනෙ වෙලා තිබ්බේ මට සල්ලි කොහෙන් ද කියල නේ? ගිහින් කියපන්, මං දැන් officially මිනිහෙක් එක්ක නිදා ගන්නවා කියලා!!"

ෂමිත් තමාට පහර නොදෙන බව දැන ගත් මොහොතේම ඔහු එතැනින් පැන ගන්නට උත්සාහ කළත් ෂමිත් නැවත කතා කළෙන් ඔහු එතැනම නැවතිණි.

"ඕයි! මූවත් අරන් පලයන් යකෝ! මුගෙ ඔලුව පැලිලවත් නෑ."

ෂමිත් ඔවුන් යන දෙස බලා සිට නැවත යකඩ පොල්ලත් රැගෙන ම නිවස තුළට පැමිණ දොර අගුලු දැමුවේ ය. පොල්ල අහකට විසි කළ ඔහු සාලයේ තිබූ පරණ සෝපාවට ඇද වැටී, හිස ඇන්දට හේත්තු කරගෙන වහලය දෙස බලා සිටියේ ය. අනෙක් අයට පහර දෙන ලෙසට තම පියාට පහර දීමට ඔහුට ශක්තියක් නැත්තේ ඇයිදැයි ඔහු කල්පනා කළේ ය. ඔහු ගුටි කෑවා නම් ඒ ඔහුගේ පියාගෙන් ම පමණි. ඔහු කිසි දිනක ඔහුගේ පියාට අතක් උස්සා නැත. ඒත් සමග ඔහුගේ මනසට තවත් අයෙකු පැමිණියේ ය.

The Deathtrap Where stories live. Discover now