මේ සියල්ලත් සමග ෂමිත්ගේ දින සාමාන්‍ය අයුරින් ගෙවී ගියේ ය. ඔහු මේ වන විට දැඩි කාර්යබහුල වූ පුද්ගලයෙකු වී තිබිණි. සතියක් හැර සතියක් බ්‍රහස්පතින්දා දිනයන්හි දී යේන්ව හමුවීම ද ඔහුට පුරුද්දක් ලෙස සිදු විය. මේ වන විට ඔහුට උසස් පෙළ විභාගය සඳහා තිබුණේ සති දෙකක පමණ කාලයකි. එබැවින් ඔහුට පන්ති තිබුණේ සුපුරුදු වෙලාවල්වල නොව විවිධාකාර වෙලාවල්වල ය.
ඔහු එදින බ්‍රහස්පතින්දා දිනයේ සහභාගි වූ පුනරීක්ෂණ පන්තිය තිබුණේ උදේ සිට දහවල් එක පමණ වන තෙක් ය. එබැවින් ඔහු පන්තියේ සිට ම යේන්ගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යැව්වේ එදින වේලාසන පන්ති අවසන්වන බව දන්වමිනි. වෙනසක් නැතිවම යේන් එයට පිළිතුරු එවී ය.
ඔවුන් දෙදෙනාට එදින ඔවුන්ගේ ප්‍රියතම අවන්හලෙන් දිවා ආහාරය ම ගන්නට හැකි විය. මේ වන විට ඔවුන් දෙදෙනා එම අවන්හලෙහි අයිතිකරු හා සේවය කරන පිරිස් සමග ද සුහදත්වයක් ඇති කර ගෙන තිබිණි. මේ අතර යේන් එහි මෙනු පත රැගෙන ඔවුන් ආහාරයට ගත් භෝජනයන් ඉදිරියෙන් හරි ලකුණක් දමමින් ඒවා සලකුණු කර ගන්නට ද පටන් ගෙන තිබිණි. එය එහි සිටි අයගේ ද අවධානයට ලක් වී තිබූ අතර එහි අමුතුම ආකාරයක විනෝදයක් ඇති බව ෂමිත් ද වටහාගෙන සිටියේ ය. ඔහු සැබැවින්ම යේන්ගේ මේ හැසිරීම ප්‍රිය කළා කියතොත් නිවැරදි ය.
'That's cute!'
යේන්ගේ එම හැසිරීම හමුවේ ෂමිත්ගේ සිත එලෙස පැවසුවේ වරක් දෙවරක් නොවේ.
"නොයෙල්, දෙයක් අහන්නම් ඇත්තම කියනව ද?"
දිවා ආහාරය ගෙන නැවත ෂමිත්ගේ නිවස වෙත රිය පදවන අතර යේන් ඇසුවේ මහා බරපතල යමක් අසන ආකාරයෙනි.
"මොකක්ද?"
ෂමිත්ගේ හඬෙහි ද තිබුණේ සැක සහිත බවකි.
"නෑ ඉතින් ඔයා usually ඔයාගේ personal කිසිම දෙයක් කියන්නෑනේ. ඒකයි."
"හරි ඉතින් ඒක personal ද නැද්ද කියලා තීරණය කරන්නේ මං නේ. මොකක්ද දැන ගන්න ඕනේ?"
"මොකක් නිසා ද කලින් A.Level කළේ නැත්තේ? මං අහන්නේ..... අවුරුදු දෙකක් එහෙම් පිටින් ම miss වෙලා නේ."
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...