59 පරිච්ඡේදය

1.1K 249 31
                                    


ෂමිත් නිවසට පැමිණියේ ගොම්මන් අඳුර ගලාගෙන එන විට ය. නිවසට පැමිණ දොර වැසූ විගස ඔහු දොරට නළල හේත්තු කර ගනිමින් දොරට හිස තබා ගත්තේ ය. ඔහු තප්පර කිහිපයක් දෑස් පියාගෙන එලෙසම සිටින්නට ඇත. ඊළඟ මොහොතේ ඔහු අත මිට මොළවා දොරට පහරක් ගැසුවේ මුලු දොරම සෙලවී යන අයුරෙනි. එය ඔහුගේ මිට මෙළවූ අතේ අස්ථි හිරි වැටී යන්නට තරම් ප්‍රබල වූවකි. දොරේ වූ රළු බව හේතුවෙන් ඔහුගේ අතේ සම ද යන්තමින් සීරී ගියේ ය.

"Shit...."

"Shit..."

"Shit."

දොරට හිස තබාගෙන කියූ ඔහුගේ හඬ එන්න එන්නම අඩු විය. ඔහු ඒ මොහොතේ සිටියේ දැඩි කෝපයෙනි. එයට හේතුව කුමක්ද කියාවත් ඔහු දැන සිටියේ නැත. තම සිත යන්තම් සන්සුන් වන තෙක් එලෙසම සිටි ඔහු මිනිත්තුවකින් පමණ නාන කාමරය දෙසට හැරිණි.

නිදා ගන්නට ඇඳට පැමිණියත් ඔහුට නින්ද අහලකටවත් නැත. ඔහු කෙතරම් පීඩනයක සිටියාදැයි කියතොත් ඔහුගේ හිස යන්තමින් රිදුම් දෙන්නට ද පටන් ගෙන තිබිණි. ඔහු දෑස් පියා ගන්නා මොහොතක් පාසා ඔහුගේ දෑස් ඉදිරියේ මැවුනේ එකම රූපයක් පමණි. ඒ, පෙර දින යේන් මේ කාමරයේ ම, මේ මේසයට ම හේත්තු වී, හිස ඉහළට හරවාගෙන, එක් අතකින් තම මුහුණට ඇලී තිබූ කොණ්ඩය ඉහළට කර ගත් අයුරු ය. ඒ මොහොතේ යේන්ගේ සෑම සියුම් ප්‍රතිචාරයක්ම ෂමිත්ගේ මතකයෙහි ඒ අයුරින් ම රැඳී තිබිණි.

ඔහු දින ගනණක් තිස්සේ උත්සහ කළත් තවමත් එය සිතෙන් අත් හැර ගත නොහැක. එය මැවී පෙනෙන වාරයක් වාරයක් පාසා සිදු වූයේ ඔහුව තව තවත් යේන් වෙත ම ආකර්ෂණය වීම ය. ඔහුට ඒවා සියල්ලම අමතක කරන්නට අවශ්‍ය ය. දැඩි සේ අවශ්‍ය ය. නමුත් ඒ උත්සාහයෙන් ඔහු සෑම විටම පරාජිතයෙකි.

එය ඉවසා ගත නොහැකි තැන ඔහු නිවසින් පිටතට යන්නට සිතාගෙන ඇඳෙන් නැගිට ඔහුගේ ඇඳුම් අල්මාරිය වෙත ගියේ ටී ෂර්ටයක් දමා ගන්නට ය. ඔහු ඇඳේ දිගා වී සිටියේ කොට කලිසමක් පිටින් පමණි. නිදා ගන්නට ආවත් තවම වේලාව එකොළහටවත් නැත. තවමත් සම්බාහන මධ්‍යස්ථානය විවෘතව ඇති බව ඔහු අනුමාන කළේ ය. ඔහුට එහි හිමිකාර කාන්තාව සමග හෝ කතා කරන්නට හැකි නම් ටිකකට හෝ ඔහුගේ අවධානය වෙනතකට හරවා ගත හැක.

The Deathtrap Where stories live. Discover now